(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න ගැන සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීම හා ඔහුව එම තනතුරෙහි ස්ථිර කරන්නට කටයුතු කරමින් සිටීම ගැන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් ඇතුළු කතෝලික සභාවේ අප්‍රසාදය පළ කරන බව ද පියතුමෝ සඳහන් කළහ.
වත්මන් රජය මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් ආරක්‍ෂා කරන්නට හා ඒ පිටුපස තිබූ කුමන්ත්‍රණය සඟවන්නට උත්සාහ කිරීම එම ප්‍රහාරයේ වින්දිතයන්ට, සමස්ත කතෝලික ජනතාවට මෙන්ම රටේ යුක්තිය සාධාරණය අගය කරන ජනතාවට මෙන්ම පොලීසියට ද කළ අවමානයක් බව ද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නිලන්තගේ උසස් වීම ගැන කතෝලික සභාවේ කසුකුසුවක්
Rexi Monday, 09 January 2023 02:51 PM
මේක ලංකාව, දැන් හොරුන්ගේ, මිනීමරුවන්ගේ ද්වීපය...
fairoos Monday, 09 January 2023 05:03 PM
සත්‍යය කවදා හෝ ජයගනියි.
BamunuarachchiWednesday, 11 January 2023 08:11 AM
සත්‍ය ජයගත්ත නිසා තමයි දැන් ස්වභාවධර්මයාගේ පැත්තට හැරිලා තිබෙන්නේ.
Bamunuarachchi Tuesday, 10 January 2023 04:24 PM
ඔහේලාගේ කුසු කුසු අපිට අදාළ නැත.රාජ්‍ය කටයුතුවලින් ඈත් වීම ඔබලාගේ ඇඟට ගුණයි. කොහොමද පාස්කු බෝම්බ ප්ලෑන් කළ කට්ටිය හොයා ගත්තාද? අනේද කියන්නේ