IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නලීන් ප්‍රනාන්දු ලෝක වෙළෙඳ සැසිවාරයට යයි

(යොහාන් භාසුර)

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අබුඩාබිහිදී පැවැත්වෙන 13 වැනි ලෝක වෙළෙඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

රාජ්‍යයන් අතර බහුපාර්ශවීය වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සංධිස්ථානයක් වන මෙම සැසිවාරයට ලෝකයේ රටවල් 164 ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වෙළෙඳාමේදී වැදගත් වන කෘෂිකාර්මික, මත්ස්‍ය හා ධීවර සම්පත්, ඉලෙක්ට්‍රොනික වෙළෙඳාම, වෙළෙඳාම හා සංවර්ධනය, වෙළෙඳාම හා තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙම සැසිවාරයේදී පුළුල් වශයෙන් සාකච්ඡා කෙරුණි.

සැසිවාරය අතරතුර වෙළෙඳ අමාත්‍යවරයා ඊශ්‍රායලයේ ආර්ථික හා කර්මාන්ත අමාත්‍ය නීර් බාර්කට් මහතා සමඟ දෙරට අතර ආර්ථික සහ යෝගීතාවය වර්ධනය කිරීම, ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩිපිරිසක් රැකියා අවස්ථා සදහා යොමු කිරීම, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් සංවර්ධනය සදහා ඊශ්‍රායල කෘෂි තාක්ෂණික සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් හා තවත් ක්ෂේත්‍ර ගණනාවක සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

ලොව පුරා රාජ්‍යයන් ගණනාවක අමාත්‍යවරු හා උසස් රාජ්‍ය නිලධාරීන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය සාමාජික සමන්ත වීජේසේකර මහතා සහ වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සැසියට සහභාගී වූහ.



අදහස් (0)

නලීන් ප්‍රනාන්දු ලෝක වෙළෙඳ සැසිවාරයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site