(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට  පාන් කාලක්  ගෙන ඒම නිසා එහි අද (11) පස්වරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය.

සභාවට ගෙන ආ පාන්  කාල සභාවට ප්‍රදර්ශනය කරමින් අදහස් දැක්වු නලින් බණ්ඩාර මහතා පාන් කාලක් අනුභව කර ජීවත් වූ ජනතාවට පාන් මිල ඉහළ යෑම නිසා බඩගින්නේ මිය යෑමට සිදුවී ඇතැයි  ප්‍රකාශ කළේය.

අද ජනතාව පාන්  කියා ගැනීමට බැරි තත්වයට පත්ව සිටින බවද ඔහු පැවසුවේය.

අද රට  පුරා ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම්  ඇති වී තිබෙන හෙයින් මන්ත්‍රීවරුන්ට ගමේ යෑමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද නලින් බණ්ඩාර මහතා  සඳහන් කළේය.

පාන්  මිල ඉහළ යෑම නිසා පාන් කාලක් රුපියල්  35 ක් දක්වා වැඩි වනු ඇතැයිද  ඔහු කීවේය.

අද රටේ අසාර්ථක පාලනයක් ගොඩනැගී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මොළ හතක් නොව   මොළේ කළඳක් නැති නායකයකු  බවත්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.