IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය.

එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.

කාර්යාලය මාරු කළ හෙයින් 2016 වර්ෂයේ ලිපිගොනු වගයක් සොයා ගැනීමට නොහැකි බව දැනුම් දෙමින් නිලධාරීන් මෙසේ නොපැමිණි බවත් එය සාධාරණ හේතුවක් නොවන බවත් සභාපතිවරයා කීවේය.

හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය.

මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද කැඳවලා තිබුණා. එන්න හැකියාවක් නැහැ කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපිට ලියුමක් ලැබුණා. ජේෂ්ඨ සහකාර ලේකම් අත්සන් කරලා තිබුණේ.

වීසා ප්‍රශ්නය ගැන දෙවෙනි දිනයට සාකච්ඡා කිරීමට අද දිනය යොදාගෙන තිබුණා. නිලධාරීන් කිසිම කෙනෙක් පාර්ලිමේන්තු ආවේ නෑ.ලේකම්තුමාට ඕන නිසා තමයි අද දිනය දාගත්තේ. ඒක අපි කළා. මේක සම්පූර්ණයෙන්ම වරප්‍රසාද කඩවීමක්.

පාර්ලිමේන්තුවට කැඳෙව්වම නිලධාරියකුට නෑවිත් ඉන්න හැකියාවක් නැහැ. සාධාරණ හේතුවක් උඩ අවස්ථාව තියෙනවා. මම මේ ගැන අතිශයින්ම කනගාටු වෙනවා. කමිටු සාමාජිකයන්ගේ එකඟතාවය අනුව ඊළඟ පියවර අපි ගන්නවා. ජනතා මුදල් ගැන ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. කොහොමද නෑවිත් ඉන්නේ?. මෙවැනි දෙයක් වෙන පළමු අවස්ථාව.

මුලසුනේ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා

පාර්ලිමේන්තුව කල් තියලා තියෙන නිසා මේක වෙන දිනයක ගේන්න මම මේ පිළිබඳව කතානායකතුමාට දැනුම් දෙන්නම්.

 



අදහස් (7)

නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී

Chandima Tuesday, 14 May 2024 10:59 PM

ගියොත් පස්සේ බලාගන්නම් කිව්වද දන්නේ නැහැනේ ?

:       1       12

චන්දිම Tuesday, 14 May 2024 11:06 PM

ආවනම් හොඳටම නා ගන්න වෙන විත්තිය දැන දැනම කොහොම එන්නද?

:       0       14

lankaputha Wednesday, 15 May 2024 07:22 AM

ටිරාන් එලිපිටම තර්ජන කරනකොට කාටද ඕනේ ගිහින් ඇත්ත කියන්න ,නැත්නම් විරුද්ධව කතා කරන්න.

:       1       13

Lankabarana Wednesday, 15 May 2024 07:38 AM

හර්ෂ මැතිතුමා කියන ආකාරයට අදාල ආයතන බරපතළ වැරදි කීපයක් කරලා තියෙනවා පළමුවැන්න තමයි කාර්‍යාලය මාරු කලාම ලිපිගොනු අස්ථාන ගතවීම .දෙවැන්න වන්නේ ආයතන සංග්‍රහය අනුව මෙවැනි කටයුත්තකදී ලිපියක් ලියන්න ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්ට බලයක් නැහැ අමාත්‍යාංශයේ ලේකම් විසින්ම අත්සන් කරන්න ඕන මෙහිදී ලේකම් වරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාදය බරපතළ ආකාරයට කඩකර තියෙනවා ඊළඟට පාර්ලිමේන්තුවේ කමිටුව මගහැරීම තවත් එවැනිම දෙයක් වෙනවා ඉතින් මෙහෙම නිළධාරින් සමග කොහොමද රටක් හදන්නෙ මෙනිසා අවුරුදු 75 ක් දෙගොල්ලම පාලනය කලා කිව්වට දැන් කියන්න වෙන්නෙ එයිනුත් තුනෙන් දෙකක් විතර නිළධාරි වාදයෙන් කාබාසිනියා වුනා කියලා තමයි එනිසා අමාත්‍යාංශයේ විනය බලධාරියා වන අමාත්‍යාංශයේ ලේකම් වරයා අනවධානයෙන් කටයුතු කලා කියලා පැහැදිලි වෙනවා එම සියලු දෙනාටම රජයේ නිළධාරින් විසින් සිදුකළ හැකි වරදවල් සම්බන්ධ පළමු උපලේඛන අනුව දඩුවම් දියයුතුය

:       0       18

ranjith Wednesday, 15 May 2024 08:11 AM

රට හැමදාම මෙහෙම ගියොත් වලපල්ලේම තමා. අහන්න තියෙන්නේ හොරකම් ම තමා .චන්දෙන් පත්වෙන නව නායකයෙකුගේ වගකීම වෙන්නේ මේ වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දී රටට උන පාඩුව අය කර ගැනීම

:       0       15

ලුම්බිණි Wednesday, 15 May 2024 08:36 AM

රජයේ නිලධාරීන් කියන්නේ ඕකට තමා.

:       0       13

Nimal Wednesday, 15 May 2024 09:22 AM

හංගන්න බොහෝ දේවල් තිබෙන බව නම් පැහැදිලියි

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site