IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘

 (නාලක සංජීව දහනායක)


රාජකාරී ගිනි අවිය ගෙන කළහකාරීව හැසිරුණ තෙබුවන පොලිසියේ නිළධාරියා සිද්ධිය සිදුවූ මොහොතේම අත්අඩංගුවට ගත්තද  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව තමන්ටද ප‍්‍රශ්නයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය.


සාමාන්‍ය පුද්ගලයෙක්ට මෙවැනි චෝදනාවක් එල්ලවූයේනම් පළමුව ඔහු අත්අඩංගුවට ගෙන පසුව පරීක්‍ෂණ සිදුකරන බවත් කී අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැන්නක් සිදුනොවීමෙන් මෙම පරීක්‍ෂණ පිටුපස යම් ගැටලූවක් තිබෙන්නේ යැයි තමන්ටද සිතෙන බවද ඔහු කිය.


එමෙන්ම යුද්ධයෙන් පීඩාවටපත්වූ සාමාන්‍ය ජනතාවට වන්දි ගෙවීම හානිපූර්ණ කිරීමේ කාර්යාල පනත හරහා සිදුවන බවත් පැවසූ අමාත්‍යවරයා එම පනත විපක්‍ෂය පවසන පරිදි බයානක පනත්ක නොවන බවද පැවසීය. මෙම පනත පිළිබඳව ජනතාව හා විපක්‍ෂ දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීම රජයේ වගකීමක් බවැන් ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු පැවසීය.


කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරුන් සිටින බවට තමන් කළ ප‍්‍රකාශය විපක්‍ෂය විකෘති කර ඇති බවත් කී අමාත්‍යවරයා රෝ ඔත්තු සේවය සමඟ සබඳකම් පවත්වන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ නැති බවට ප‍්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට හොඳ සහතිකයක් දී ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර කතාකිරීමේ තේරුමක් නැතැයිද පැවසීය.


රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 



අදහස් (0)

‘නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site