(ඩයනා උදයංගනී)

ආණ්ඩුවට සැලැස්මක් නොමැති අතර සැලස්මක් ගැන කතාකරන අයට ඉඩක් ද නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ කතාවේ  කිසිඳු සැලැස්මක් තමන් නොදුටු බවත්, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සහයදීමට පස්ස ගසමින් සිටින්නේ ආන්ඩුවට නිසි සැලැස්මක් නොමැති නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් අද (6) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රටේ වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සූදානමින් සිටි බවත්, තමන්ට ලබාදෙන්නේ විනාඩි 3ක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දැනුම් දුන් බවත් විනාඩි 3 කින් කිව හැක්කේ කුමක්ද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කතා කිරීමට වරු ගනන් ලැබෙන අය ඉදිරිපත් කරන රට හදන සැලැස්ම කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බව ද ඔහු දක්වා ඇත.