
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තැපැල් ඡන්ද රක්‍ෂිත පැකට් 418,985 ක් ලැබුණු බවත් ඉන් සියයට 92 ක් හෙවත් පැකට්ටු 384,923 ක් බෙදා අවසන් බවත් සත්කුමාර මහතා කීය.
ඉතිරි තැපැල් ඡන්ද පැකට්ටු සහ මේ මස 21 වැනිදා ලැබීමට නියමිත තැැපල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd