(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වලට බෙදා හැරීම අද අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
යම් ඡන්ද දායකයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් ළඟම ඇති තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
ඡන්දය පාවිච්චි කිරීමට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය භාවිත කිරීමට හැකියාව ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd