
(දයාරත්න ඇඹෝගම)
ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්වාසිහු පිරිසක් සමත්ව සිටිති.
මෙම මල් වගාවෙන් ඉහළ ආදායමක් ලබාගැනිමේ හැකියාව ඇති බව හදුනාගැනීමෙන් පසුව රාජ්‍ය අංශයේ ද මැදිහිත්වීම සහිතව හොරොව්පොතාන ගම්මානවල ජනතාව නිල් කටරොළු වගාවක් ලෙස වැවීමට පටන්ගෙන තිබේ.
ඔසප් වේදනා සමනයට , ආමාශගත රෝග දුරුකර ගැනීමට , ශරීරයේ විෂ ඉවත් විමට රුධිරය පිරිසිදු වීමට , සෙම් රෝග සමනයට , මානසික ආතතිය දුරු කරගැනිමට ආදී බොහෝ රෝගී තත්ත්වයන්ට ඖෂධයක් වශයෙන් නිල් කටරොළු යුෂ පානය හදුනාගෙන ඇත.
මේ නිසාම මෙම මල් සඳහා දේශීය හා විදේශිය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර වගාව සාර්ථකව සිදුකිරිමෙන් ඉහළ ආදායමක් ද උපයා ගැනිමේ අවස්ථාව තිබේ.
කිසිදු ආකාරයක කෘමි නාශක හෝ පොහොර භාවිතයකින් තොරව මෙම වගාව සිදුකරන නිසා වගාකරන්නන්ට මේ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට අවශ්‍ය නැත.
මල් පදුරු සියයක් පමණ වවා ගන්නා අයෙකුට දිනපතාම කිලෝ දහයක් පමණ මල් ලබාගත හැකි බවයි වගාවේ නිරතවන්නන් කියා සිටින්නේ. නිසි ක්‍රමවේදයට වියළිමෙන් අනතුරුව අලෙවිකරණ කරන අතර මල් කිලෝ දහයක් පමණ වියලීමෙන් වියළි මල් කිලෝවක් සදාගැනීමට ද හැකියි.
දැනට බොහෝ දුරට අතරමැදියන් වෙත ග්‍රාමීය ජනතාව මෙම මල් අලෙවි කරණ අතර එක් කිලෝවක් සදහා රුපියල් තුන්දහසක පමණ මුදලක් ඔවුන්ට ලැබේ. වෙනත් කාර්යයන් සිදුකරන අතරවාරයේ දි අමතර ආදායමක් ලැබිය හැකි ඉතා වටිනා වගාවක් වශයෙන් මෙම නිල් කටරොළු මල් වගාව හදුනාගෙන ඇති බව මෙම මල් වගාකරන්නන් සදහන් කරයි.
හොරාව්පතාන කොට්ඨාසය තුල මෙම මල් වගාව ප්‍රචලිත කිරිම සදහා වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ , 2022 වර්ෂයේ දි යි. ඒ හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නොදන්නා නිසයි අහන්නේ, අර හාදයා කොත්තු හදලා ලබන ලාභයටත් වඩා ලාබයක් ගන්න පුළුවන්ද..? "නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයාණෙනී..."