
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සේවය අත්හැර යාමේ නියෝග නිකුත් කර සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු නිල ඇඳුම් කොටස් භාර නොදී පොලිස් නිල හැඳුනුම්පත අවභාවිතා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශය හා නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි .
ඉකුත් මැයි මස 7 වෙනිදින සිට විධිමත්ව නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් මැයි මස 13 වෙනිදින පොලිස් හදිසි ඇමතුම් අංශය හා නාගරික රථවාහන කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එල් පි වර්ණ කුල සූරිය මහතාගේ අත්සනින් යුත් ලිපිය මගින් සේවය අත්හැරයාමේ නියෝග නිකුත් කර සිටි ආධුනික පොලිස් කොස්තාපල් පිටකොටුව බැස්ටියන් මාවත පොලිස් මුරපොළ අසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බුද්ධික ප්‍රේමරත්නගේ රංගනයේ නඩුවේ ඒඑස්පී පිටරට යනකන් බලා හිටියා