(අමිල ශ්‍රී ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
රටින් පිටව ගිය බව ඇය රෝහල් අධ්‍යක්ෂ වෙත වට්සැප් පණිවුඩයක් මගින් දන්වා ඇති රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරිය කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයදුම් පතක් යොමු කර නැති බව වෛද්‍යවරිය රටින් පිටවියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා යවන ලද ලිපියෙහි සඳහන් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුර්දාන්ත රාජ්‍යයට සැලකිය යුත්තේ මෙලෙසින්...!
විදේශගත වන්නට වීසා ලැබෙන්න ගොඩක් වෙලාවට යන කාලයට වඩා කාලයක් අවසර ගන්නට ලංකාව ඇතුලේ යනවා. හොද වැඩේ ලංකාවේ පිස්සු රාජ්‍ය සේවයට. වීසා එන්න දන්න කෙනෙක්ට රජයේ රැකියාව කරන කාලයේ ෂෙන්ගන් වීසා (යුරෝපය) රාජකාරි දවස් දෙකෙන් ආවා. නමුත් විදේශගත වෙලා ආපහු ඇවිල්ලා මාසයක් විතර ගියාටත් පස්සේ තමයි විදේශගත වීම අනුමත වුණා කියලා ආවේ. මාස තුනකට විතර පස්සේ. දැනුම් දීම කරලා ගියාම ඇති. ඒක තාම මග වෙන්න ඇති රාජ්‍ය සේවය ඇතුලේ. ඒ නිසා මේවා විහිළු. රටට වෛද්‍ය හිඟයක් තියෙනවා. ඒ අස්සේ ඉන්න කීපදෙනාව මාංචු දාලා කකුල් වලට දම්වැල් දාලා බැඳලා තියාගන්න බැහැ. ඒ අයට පිටරට ගොඩක් ඉල්ලුම තියෙනවා. හෙට්ටු කිරීමේ (bargaining power) එක තියෙන්නේ වෛද්‍යවරයාට මිසක් රජයට නෙමෙයි. දැන් ලාංකිකයෝ වෙනස්, එහෙම එක රස්සාවක දිගටම ඉන්න අය අඩුයි.. අපේ කලින් පරම්පරා වගේ. ඒ නිසා, හෙට්ටු කිරීමේ බලය වෛද්‍යවරයාට තිබියදී, දඬුවම් කරන්න ගිහින්, ඉන්න කීප දෙනාවත් නැති කර ගන්න මෝඩ වැඩේ කරන්න එපා. මොකද, එහෙම කරත් උගතෙකුගේ වටිනාකම තේරුම් ගන්නට සාමාන්‍ය ලාංකිකයෙක්ට තියා රාජ්‍ය සේවකයෙක්ටවත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සයාට පෞද්ගලික ප්‍රශ්නයක් ඇති...
කළයුතු එකම දේ මොවුන්ගේ වෛද්‍ය වෘත්තීය සහතික පත් රජයේ සේවයේ සිටිනා තුරු රජය බාරයේ තියා ගැනීමයි...
නොමිලේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව නැවත හිතන්න ඕන කාලය. සරසවි සිසුන් හිතන්නේ ඒ අයට අවශ්‍ය සියලුම දේ නොමිලේම දීල සුර සැප ගන්න වෙන රටවලට සංක්‍රමණය වෙන්නත් දෙන්න ඕන කියලා. උසස් අධ්‍යාපනය ණය පදනමකට යටත් කර රැකියාවලට ගිය පසු ප්‍රතිශතයක් අයකර ගන්න. ඒත් එක් එක් උපාධියකට නියමිත කාලයක් රටට සේවය නොකර යනවානම් ගෙවීමට සලස්වන්න... බහුතරයක් උගතුන් අතිශය ආත්මාර්ථකාමී බව පැහැදිලි කරුණකි.
නාමල් බේබිගේ යාලුවෙක්වත් නැද්ද ඔය තැන් වලට දාන්න ?ඉස්සර අමාත්යංශ ඔක්කොම ලොකු ලොකු තැන පිරෙව්වා වගේ
එහෙම නොගියොත් තමයි පුදුමේ. යන්න අවසර ගන්න ගියත් කොච්චර පීඩා කරනවාද? ජීවිතේ විශාල කැප කිරීම් කරන වෛද්‍යවරුන්ටත් මේ රටේ සිදුකරන දේවල් ඉවසන් ඉන්න පුළුවන්ද?
මහ බැංකුවේ සේවකයින්ට ඇවිල්ලා වැඩ බාරගන්න කියන්න දැන්...!
නිසියාකාරව වෛද්‍යවරුන්ට නොසලකනවා නම් තව තවත් වෛද්‍යවරු විදේශගත වෙයි.
නන්දලාල් මහත්තයාට බැරිද දන්නේ නෑ... මහ බැංකුවේ පියන් කෙනෙක් ඔතැනට දාන්න. එයාලා දොස්තරලාටත් වඩා පඩි ගන්නවනේ...!
මහ බැංකුවට භාර දෙන්න
රට යනවා කියලා බොරු කියලා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක ජොබ් එකට ගියාද කියලා හොයලා බලන්න.