IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින්

(අමිල ශ්‍රී ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රටින් පිටව ගිය බව ඇය රෝහල් අධ්‍යක්ෂ වෙත වට්සැප් පණිවුඩයක් මගින් දන්වා ඇති රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍යවරිය කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයදුම් පතක් යොමු කර නැති බව වෛද්‍යවරිය රටින් පිටවියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා යවන ලද ලිපියෙහි සඳහන් කොට ඇත.

 



අදහස් (11)

නිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින්

Nimal Thursday, 14 March 2024 10:24 PM

මේ දුර්දාන්ත රාජ්‍යයට සැලකිය යුත්තේ මෙලෙසින්...!

:       0       0

kumara Friday, 15 March 2024 05:01 AM

විදේශගත වන්නට වීසා ලැබෙන්න ගොඩක් වෙලාවට යන කාලයට වඩා කාලයක් අවසර ගන්නට ලංකාව ඇතුලේ යනවා. හොද වැඩේ ලංකාවේ පිස්සු රාජ්‍ය සේවයට. වීසා එන්න දන්න කෙනෙක්ට රජයේ රැකියාව කරන කාලයේ ෂෙන්ගන් වීසා (යුරෝපය) රාජකාරි දවස් දෙකෙන් ආවා. නමුත් විදේශගත වෙලා ආපහු ඇවිල්ලා මාසයක් විතර ගියාටත් පස්සේ තමයි විදේශගත වීම අනුමත වුණා කියලා ආවේ. මාස තුනකට විතර පස්සේ. දැනුම් දීම කරලා ගියාම ඇති. ඒක තාම මග වෙන්න ඇති රාජ්‍ය සේවය ඇතුලේ. ඒ නිසා මේවා විහිළු. රටට වෛද්‍ය හිඟයක් තියෙනවා. ඒ අස්සේ ඉන්න කීපදෙනාව මාංචු දාලා කකුල් වලට දම්වැල් දාලා බැඳලා තියාගන්න බැහැ. ඒ අයට පිටරට ගොඩක් ඉල්ලුම තියෙනවා. හෙට්ටු කිරීමේ (bargaining power) එක තියෙන්නේ වෛද්‍යවරයාට මිසක් රජයට නෙමෙයි. දැන් ලාංකිකයෝ වෙනස්, එහෙම එක රස්සාවක දිගටම ඉන්න අය අඩුයි.. අපේ කලින් පරම්පරා වගේ. ඒ නිසා, හෙට්ටු කිරීමේ බලය වෛද්‍යවරයාට තිබියදී, දඬුවම් කරන්න ගිහින්, ඉන්න කීප දෙනාවත් නැති කර ගන්න මෝඩ වැඩේ කරන්න එපා. මොකද, එහෙම කරත් ‌උගතෙකුගේ වටිනාකම තේරුම් ගන්නට සාමාන්‍ය ‌ලාංකිකයෙක්ට තියා රාජ්‍ය සේවකයෙක්ටවත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සයාට පෞද්ගලික ප්‍රශ්නයක් ඇති...

:       1       2

Bamunuarachchi Friday, 15 March 2024 05:22 AM

කළයුතු එකම දේ මොවුන්ගේ වෛද්‍ය වෘත්තීය සහතික පත් රජයේ සේවයේ සිටිනා තුරු රජය බාරයේ තියා ගැනීමයි...

:       1       0

Lalla Friday, 15 March 2024 07:14 AM

නොමිලේ අධ්‍යාපනය ලබාදීම පිළිබඳව නැවත හිතන්න ඕන කාලය. සරසවි සිසුන් හිතන්නේ ඒ අයට අවශ්‍ය සියලුම දේ නොමිලේම දීල සුර සැප ගන්න වෙන රටවලට සංක්‍රමණය වෙන්නත් දෙන්න ඕන කියලා. උසස් අධ්‍යාපනය ණය පදනමකට යටත් කර රැකියාවලට ගිය පසු ප්‍රතිශතයක් අයකර ගන්න. ඒත් එක් එක් උපාධියකට නියමිත කාලයක් රටට සේවය නොකර යනවානම් ගෙවීමට සලස්වන්න... බහුතරයක් උගතුන් අතිශය ආත්මාර්ථකාමී බව පැහැදිලි කරුණකි.

:       1       2

Nimal Friday, 15 March 2024 08:25 AM

නාමල් බේබිගේ යාලුවෙක්වත් නැද්ද ඔය තැන් වලට දාන්න ?ඉස්සර අමාත්යංශ ඔක්කොම ලොකු ලොකු තැන පිරෙව්වා වගේ

:       1       18

Lakeside Friday, 15 March 2024 09:32 AM

එහෙම නොගියොත් තමයි පුදුමේ. යන්න අවසර ගන්න ගියත් කොච්චර පීඩා කරනවාද? ජීවිතේ විශාල කැප කිරීම් කරන වෛද්‍යවරුන්ටත් මේ රටේ සිදුකරන දේවල් ඉවසන් ඉන්න පුළුවන්ද?

:       0       1

Che Friday, 15 March 2024 09:56 AM

මහ බැංකුවේ සේවකයින්ට ඇවිල්ලා වැඩ බාරගන්න කියන්න දැන්...!

:       0       1

Saman Friday, 15 March 2024 09:58 AM

නිසියාකාරව වෛද්‍යවරුන්ට නොසලකනවා නම් තව තවත් වෛද්‍යවරු විදේශගත වෙයි.

:       0       2

Ashen Friday, 15 March 2024 11:17 AM

නන්දලාල් මහත්තයාට බැරිද දන්නේ නෑ... මහ බැංකුවේ පියන් කෙනෙක් ඔතැනට දාන්න. එයාලා දොස්තරලාටත් වඩා පඩි ගන්නවනේ...!

:       0       1

Che Friday, 15 March 2024 01:36 PM

මහ බැංකුවට භාර දෙන්න

:       0       4

lakvidu Friday, 15 March 2024 07:28 PM

රට යනවා කියලා බොරු කියලා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක ජොබ් එකට ගියාද කියලා හොයලා බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site