(යොහාන් භාසුර)
නාරම්මල පොලිස් වසමේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරික්‍ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් මියගිය රියදුරුගේ පවුලට ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්දිතයාගේ යැපෙන්නන්ට වන්දි ගෙවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරන්නේ නම් එය හොඳ දෙයකි. නමුත් වින්දිතයා පවුලේ පෝෂණය කරන්නා වන බැවින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ ඔවුන්ගේ අනාගත වියදම් පිළිබඳ අංශය සොයා බැලිය යුතුය.
"වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත... ඔය පරීක්ෂනයේ ප්‍රතිපල වල හැටියට ලොරියට අලුතෙන් රෝද දාපු කඩේ මුදලාලි මේකට වැරදි කියලා වගේ වාර්තාවක් එයි
ඇත්තටම යුද්ධ හමුදාවේ වැරදි බලන්න හමුදා පොලිසිය ඉන්නවා. පොලිසිය අතින් සිදුවන මෙහෙම වැරදි ඒ අයම බැලුවොත් හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙන්න ඉඩක් නැද්ද. මටනම් හිතන්නේ පොලිස් කොමිසම මගින් මෙහෙම දේවල් පරීක්ෂා කරන්න විධිමත් වැඩපිළිවෙළක් ඇතිකලොත් වටිනවා කියලා තමයි
විශේෂ පොලිස් කණ්ඩායම් දාලා බම්බු ගහන්නද? ඔවුන් තමන්ගේ අය බේරන්න වාර්තාව හදයි, ඒ නිසා දේශබන්දුවාගේ පරීක්ෂණ අපිට වැඩක් නැහැ. මේවාට මහාධිකරණ නෑ. හෝ ඊට ඉහළ විනිශ්චයකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් දාලා පරීක්ෂණයක් කරන්න කියලා... ජනතාව වැඩ බැරි දූෂිත ආණ්ඩුවට බලකළ යුතුයි.
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා...
සිද්ධාලේප තෙන්නකෝන්ගේ යුක්තිය...!
බොරු වැඩ... පොලිස් පොතේ තියෙනවා නේද? ඕනෑම වැටලීමකට යනකොට නිල ඇඳුමින් සැරසී අඩුම තරමේ එක නිලධාරියකු හෝ සිටිය යුතුවග... බොරු පොත් පෙරළන්නේ නැතිව පොලිස් පොතම පෙරළන්නකෝ...!
සිවිල් ඇඳුමින් ආයුධත් අරන් ගියේ මංකොල්ල කන්න හරි, කප්පම් ගන්න හරි වෙන මොකටද? අපි නොදන්න පොලීසිය...
අප පොදුජනතාව විදිහට ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ පොල්ඉස නිලධාරියෙක් සිවිල් ඇඳුමෙන් වාහනයක් නැවැත්වීමට අංක දුන්නොත් ඔහුව අවිගත් මංකොල්ල කරුවෙක්ද නැතහොත් පොලිස් නිලධාරියෙක්ද යනුවෙන් හඳුනාගන්නේ කෙසේද? ගිනිඅවියක් අතැතිව ජනතාව බය ගැන්වීමට පොලිස් නිලධාරීන්ට නීතියේ ඉඩක් තිබියද පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂා කිරීමට මහජන අරාක්ෂක අමාත්‍යාංශයට පොදු වැඩපිළිවෙලක් තිබ්බේද සාමාන්‍ය ජනතාව විදිහට මෙවන් ප්‍රශ්න වලට අපි පිළිතුරු බලාපොරොත්තු වෙමු...