(රොමේෂ් මධුෂංඛ)
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 45 දෙනෙකු අද (02) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.
පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මේ වන විට පුද්ගලයින් 316 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වලට පිටත් කර ඇති බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පැවසීය.
අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව දින 14 ක් තමන්ව බලාගත් බවත් විදෙස් රටවල සිට පැමිණි සියලු දෙනාට සැඟව නොසිට කිසිඳු බියකින් තොරව යුද හමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධානා කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පිරිස පැවසූහ.
පසුගිය 28 වැනිදා වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනය වූ පුද්ගලයින් 167 දෙනෙකු හා පසුගිය 31 වැනිදා පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායනය වූ 45 ක් පිටව යති