IMG-LOGO

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් අල්ලයි

(පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා වෛරසය ආසාධිත වූවන් හමුවීම හේතුවෙන් මේවනවිට නිරෝධායනයකට ලක්කර වසා දමා තිබෙන අකුරණ ප්‍රදේශයේ සිට පැමිණ සැඟවී සිටි අයෙකු මාවතගම පරගහදෙනිය ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලංකා අමරසිංහ මහත්මිය පැවසුවාය.

සැකකටයුතු ලෙස පිටස්තර ප්‍රදේශයකින් පැමිණ සිටින පුද්ගලයෙකු පරගහදෙනිය සිංහපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැන්වීමෙන් පසුව පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මාවතගම පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි එම පුද්ගලයා සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටින තම බිරිඳ සහ දරු දෙදෙනා බැලීමට පැමිණි බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත .

තම බිරිඳ සහ දරුවන් බඩගින්නේ සිටින බවට ඔහු අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර කුරුගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් අලවතුගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මානුෂික හේතුන් යටතේ අනුමැතිය ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත.

බරපතල ආකාරයට කොරෝනා වසංගතය අකුරණ ප්‍රදේශය තුළ පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අවස්ථාවක නිරෝධායනයට ලක්වීමට නියමවී තිබූ මෙම පුද්ගලයාට එම ප්‍රදේශයෙන් බැහැර වීමට අනුමැතිය ලබාදීම බරපතල වරදක් බව වෛද්‍ය අමරසිංහ මහත්මිය සඳහන් කළාය.

කුමන හේතුවක් මත හෝ දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාම තහනම් කර තිබියදී මෙම පුද්ගලයාට මාවතගමට පැමිණීමට අවසර දීම මෙන්ම ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් හෝ දැනුම්වත් නොකිරීමද නිලධාරීන් විසින් සිදුකර ඇති තවත් වරදක් බවද අමරසිංහ මහත්මිය පැවසුවාය.

යම් හෙයකින් ජනතාව  ඔහු පිළිබඳව නොදැන්වූවානම් එම පුද්ගලයා මාර්ගයෙන් කුරුණෑගල ප්‍රදේශයට කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් පැවති බවද අමරසිංහ මහත්මිය පැවසුවාය.

අත්අඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවස තුළම නිරෝධායනය කිරීමට පියවර ගත් බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (1)

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් අල්ලයි

Raveendra Wednesday, 08 April 2020 04:44 AM

මොහුගේ පැටිගිරිය සොයා බැලීමෙන්අනාගත ආයෝජනයක් ලෙස වැදගත් කරුණු සොයා ගැනුමට හැකිවේ යයි අප විස්වාස කරන්නෙමු. සරලව හිතන්න මේ මොහු තොත්ත බබෙක් ලෙස හැසුරුනේ කුමක් නිසාද ?

:       0       235

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 364 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site