(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මින් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගම්පොළ, කුලියාපිටිය යන ප්‍රදේශවලින් බවද හෙතෙම කියයි.
මහනුවර ප්‍රදේශයෙන් 67 දෙනකු, ගම්පොල ප්‍රදේශයෙන් 56 දෙනකු, හා කුලියාපිටිය ප්‍රදේශයෙන් 43 දෙනකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 45532ක් අත්අඩංගුවට ගෙන තිබේ .
මේ අතර පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් අතර සංචාරය කිරීමට පැමිණි පුද්ගලයන් 86 දෙනකු ඊයේ දිනයේ හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ගොඩක් රටවල් කොරෝනා බොරුව අයින් කරලා මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයට ඉඩදීලා ලංකාව කොරෝනා වවන් කනවා..
අපේ අයව අල්ලන් හිරේ දානවා. වේලි වේලි ඉන්න උසාවිවලට නඩුසෙට් කරලා දෙනවා. අන්තිමට කෑගහනවා. පිටරටින් මිනිස්සු ඇවිල්ලා අපේ රටේ වැඩ කරනවා කියලා... සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා... කියලා කිව්වේ කටකහනවට නොවේ... ස්තුතියි...