(ඉන්දිකා රාමනායක)
නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පිරිස, සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ අලවා ඇති දැන්වීම ඉවත් කරන තෙක් ම එම නිවෙස් වලින් බැහැර යාම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නිරෝධායනයට යොමු කර සිටින පිරිස් එම නිවෙස් හා පරීශ්‍රවලින් බැහැරට පැමිණෙන බවට පොලිසිය වෙත තොතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන නීරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
සෞඛ්‍ය බලධාරීන් මෙම නිවෙස් නිරෝධායනයට යොමු කළ නිවසක් වශයෙන් දැන්වීම් අලවා තිබියදී මෙම පිරිස් ඒ බව නොතකා අදාල නිවෙස් වලින් බැහැර වන බවද හෙතෙම කීය.
නිවෙස්වල නිරෝධායන කාලය අවසන් වු පසු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉවත් කරනු ලබන බවත්, නියමිත කාලය සම්පූර්ණ කර සෞඛ්‍ය බලධාරීන් දැන්වීම් ඉවත් කරන තෙක් පුද්ගලයන්ට එම නිවෙස් වලින් බැහැර යාම සපුරා තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම නිවෙස් හා එහි පුද්ගලයන් සම්බන්ධයෙන් නිතර විමසිල්ලේ සිටින ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා ප්‍රකාශකවරුන් ලෙස ගිරව් වගේ කියවීමෙන් පමණක් හරියන්නේ නැහැ. ඔබතුමන්ලාගේ නිලධාරීන්ද, සෞඛ්‍ය අංශද පැමිණ මිනිසුන් නිරෝධායනය කොට නිවෙස් වලට දැන්වීම් අලවා යනවා. ගියා ගියාමයි ඒ මිනිසුන් කෑවේ බීවේ කෙසේ දැයි කියා නිකමටවත් සොයා බලන්නේ නැහැ. අහළ පහළ කිසිවෙකුත් එන්නෙත් නැහැ. ඒ නිසා ඒ නිරෝධායනය වූ මිනිසුන්ට කන්න බොන්න විදිහක් නැහැ. ඒ මිනිස්සුන්ටත් බඩගින්න දැනෙනවා. එහෙම නැතිව ඔබතුමාලා පවසන විදිහට ඒ මිනිසුන්ට හුළං බීලා ඉන්නට බැහැ. ඒ මිනිසුන් බඩගින්න ඉවසා ගන්නට නොහැකි වුණාම මොනවා හරි කන්න ගේන්න එළියට යනවා. ඒ නිසා කරුණාකර ඒ මිනිසුන්ව ගෙට දාලා බෝඩ් ගහලා පැත්ත නොබලා ඉන්නේ නැතිව කන්න බොන්න මොනවා හරි යවන්න. වියයුත්තේ එයයි. එහෙත්, නොවන්නේද එයයි...
සර්ලා කියන විදියකට තමයි ඉතින්. රට තියෙනවනේ. ඒ ඇති අපිට. එන පාර ඡන්දෙටත් අපි සර්ලාටම තමයි ඡන්දෙ දෙන්නේ. ඒක නිසා කන්න බොන්න නැතුවට කමක් නෑ. ඉන්න රට බේරලා දෙන්නකෝ.. ගියපාර ඇණුන කටු තාම ගලවන ගමන් ඉන්නේ අපි.