(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කළ බවත් බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම හදිසි බිඳවැටීම යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවක් විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර මේ වන විට එහි පරීක්ෂණ ධාවන කටයුතු ක්‍රියාත්මක කර ඇති බව කී එම නිලධාරියා ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමු කිරීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.
මෙම හේතු නිසා විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුල උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර නඩත්තු කටයුතුතක් සඳහා කැලණිතිස්ස විදුලි බලාගාරය සති හයකට වසා තැබිමට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩල වාර්තා සඳහන් කරයි.
ගෑස්සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතුසඳහා එසේ වසා තැබෙනු ඇති.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක්
de silva berlin Saturday, 18 November 2023 02:52 PM
වැස්ස නිසා අඩුමිලට විදුලිය නිපදවනවා. විදුලි බිල අඩුකර යම්කිසි සහනයක් ජනතාවට දෙන්න බැරිද?