අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලිබලාගාර ඒකකයේ කටයුතු තාවකාලිකව නවතාදැමීමට තීරණය කර තිබේ. ජාතික විදුලිබල සැපයුමට මේ හේතුවෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමිවන බවද පැවසේ.
මෙම ඒකකය දින 100ක කාලයක් වසාදමන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනක් මෙගාවොට් 300ක් ධාරිතාවක් නිකුත්කරමින් ක්‍රියාත්මකව පවතී.
මීළග මාසයේදී පෞද්ගලික විදුලි සංගම් හතක් සමග ගිවිසුමකට යාමට නියමිත බැවින් එයින්ද මෙගාවොට් 100ක ධාරිතාවක් අහිමිවීමට නියමිත බවද පැවසේ.
මෙම විදුලි අහිමිවීමේ තත්වය මගහරවා ගැනීම සඳහා තම අමාත්‍යංශය විකල්ප ක්‍රමවේද යොදාගන්නා බවද කරුණානායක මහතා කීය.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම දින කීපයේදී කෝටිපතියෙක් වෙන්නද හදන්නේ? ගේනවා කිව්ව පුද්ගලික බලාගාර වැස්ස නිසා වේලිවේලි තිබුණේ..
බැසිල්ගේ ගෝලයන්ගේ වැඩක්.
"මීළග මාසයේදී පෞද්ගලික විදුලි සංගම් හතක් සමග ගිවිසුමකට යාමට නියමිත" හේ රවී කරුණානායක නම් වේ.
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව? ඉන්න හිතෙන රටක්.
අපොයි දින සීය නම් මතක් කරන්න එපා.
කොමිස් කාක්කන්ගේ බලපෑම්වලට අවනතවී උන්ගේ සාක්කු තර කරගැනීම වෙනුවෙන්, පරිසර දුෂණ ගැන අබ ඇටයක් තරමවත් නොසලකා පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී රටට "දායාද" කරපු මේ අට්ටාලය හදපු දවසේ ඉඳන්ම මොන කාරණාවක් නිසා හෝ වසරකට කිහිප වතාවක් කොට උඩ තබනවා. මේ නිසා හිරිහැරයට පත්වන්නේ විදුලි පාරිභෝගිකයා බව කාටවත් නොතේරෙන හැඩයි. ඒ මදිවට දැන් ගිවිසුම් ගැහීමක් ගැනත් දොඩවනවා.
මේ අපේ බැඳුම් රවීනේ... යන්න ළඟ නිසා කොමිස් කුට්ටියක් ගිලලම යන්න හදන්නේ මැෂින් වල අලුත්වැඩියා කිරීමට දෙයක් දැනට නැති බව සේවකයන් දනී. එහෙත් මෙය මාස්ටර් ප්ලෑන් එකක්..