
(සුමිත් පොතුපිටිය)
සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ ඉසුරු උයන 1 අංක 58 නිවසේ පදිංචිව සිටි 79 හැවිරිදි මග්ගොන ගුරුන්නාන්සේලාගේ පිලිපිනා පෙරේරා සහ 65 හැව්රිදි බාලපේ වඩුගේ මේරි කැතරින් මැන්ඩිස් නමැති කාන්තාවන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති කාන්තාවන් දෙදෙනා එම නිවසේ වසර විස්සක පමණ කාලයක සිට ජීවත්ව සිට ඇති අතර, සතියකට හෝ දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක පළ කරන බවද පොලිසිය සඳහන් කරයි.
නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බැවින් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී නිදන කාමරයක සහ මුළුතැන් ගෙයි තිබූ මළ සිරුරු දෙක හමුවූ බව ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩිහිටියන්ට තමයි ඉතාමත් නරක දසාව ලබල තියෙන්නේ රටේ ආර්ථික තත්වයත් සමග , ඔවුන්ට ලැබුණ බැංකු පොලියත් නැති කරට පස්සේ විශ්‍රාමිකයන් ට වහ බොන තත්වයක් ඇවිල්ල තියෙන්නේ .මිට පස්සෙවත් හිරිවටිච්ච නැති නායකයන් රටේ මහා පුටුවට පත්කරගමු
මිනීමරපු අම්මා අප්පටවත් ගරු නොකරන අයනම් පාලනයට එපා.
ගුණපාල මැතිදුණි , රටට අවශ්‍ය වන්නේ පුස්සන්, පිස්සන් , අවස්ථාවාදීන්, නොව තුන්කල් දක්නා , නැණ නුවනින් සපිරි ජීවී ගුණ පිරි විශිෂ්ඨ නායකයෙකි. එසේ වතුද , මෙය ඇ.ඩො. බිලියනයකටත් වඩා එහා ලංසු තැබෙන ප්‍රශ්නයක්ම වෙයි. සු.න. වසරකට ආසිරි!!!