IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක

(සුමිත් පොතුපිටිය)

සැක කටයුතු  අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ ඉසුරු උයන 1 අංක 58 නිවසේ පදිංචිව සිටි 79 හැවිරිදි මග්ගොන ගුරුන්නාන්සේලාගේ පිලිපිනා පෙරේරා සහ 65 හැව්රිදි  බාලපේ වඩුගේ මේරි කැතරින් මැන්ඩිස් නමැති කාන්තාවන් දෙදෙනෙකු  බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇති කාන්තාවන් දෙදෙනා එම නිවසේ වසර විස්සක පමණ කාලයක සිට ජීවත්ව සිට ඇති අතර, සතියකට හෝ දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක පළ කරන බවද පොලිසිය සඳහන් කරයි.

නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බැවින් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී නිදන කාමරයක සහ මුළුතැන් ගෙයි තිබූ මළ සිරුරු දෙක හමුවූ බව ඇති බව සදහන් වේ.

 

 

 



අදහස් (3)

නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක

ගුණපාල Thursday, 18 April 2024 09:33 AM

රටේ වැඩිහිටියන්ට තමයි ඉතාමත් නරක දසාව ලබල තියෙන්නේ රටේ ආර්ථික තත්වයත් සමග , ඔවුන්ට ලැබුණ බැංකු පොලියත් නැති කරට පස්සේ විශ්‍රාමිකයන් ට වහ බොන තත්වයක් ඇවිල්ල තියෙන්නේ .මිට පස්සෙවත් හිරිවටිච්ච නැති නායකයන් රටේ මහා පුටුවට පත්කරගමු

:       7       33

Surain Thursday, 18 April 2024 10:01 AM

මිනීමරපු අම්මා අප්පටවත් ගරු නොකරන අයනම් පාලනයට එපා.

:       12       21

ලිලිපුට්ටා Thursday, 18 April 2024 10:14 AM

ගුණපාල මැතිදුණි , රටට අවශ්‍ය වන්නේ පුස්සන්, පිස්සන් , අවස්ථාවාදීන්, නොව තුන්කල් දක්නා , නැණ නුවනින් සපිරි ජීවී ගුණ පිරි විශිෂ්ඨ නායකයෙකි. එසේ වතුද , මෙය ඇ.ඩො. බිලියනයකටත් වඩා එහා ලංසු තැබෙන ප්‍රශ්නයක්ම වෙයි. සු.න. වසරකට ආසිරි!!!

:       5       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site