
(අංජුල මහික වීරරත්න)
විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය.
1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට ( CTBT) අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අලි සබ්‍රි මහතා මහනුවර පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බව පැවසීය.
සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතිඤ්ඤාවක් ගන්න සල්ලි නෑ. න්‍යෂ්ටික ආයුධ තහනම් කරලා හිත හදාගමු.
යකෝ කන්න බොන්නත් සල්ලි නැතුව ඉද්දි න්‍යෂ්ටික පරීක්ෂණ කරන්නේ අහවල් ලබ්බෙන්ද ?
වෙසක් කූඩු, සරුංගල් වගේ ඒවත් රටින් ගේන තැනක., කොහොමද අප්පේ න්‍යෂ්ටික අවි හදන්නේ?
සබ්‍රීට, හූනෙකුට තරම් මොලයක් තියෙනවා නම් වචනයක් කතා කරන්නේ නැහැ. ඉන්දික හරි. රතිඤ්ඤයක් ගන්න සල්ලි නෑ.
කටින් බතල කොල හිටවනව. ගිනි කූරක් හදාගන්නෙ අමාරුවෙන්. මුන්ට අමු කැවිල.
දුම් පරීක්ෂණයක්වත් හරියට කරගන්න බැරි අපි න්‍යෂ්ටික පරීක්ෂණ ගැන කතාකරලා ඵලක් තිබෙනවාද?