නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරාහි දී පාසැල් සිසුවියන් 300ක් පමණ පැහැරගෙන ඇතැයි වාර්තා වේ.
පාසලේ ගුරුවරයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ අද (26) උදෑසන තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් සිසුවියන් 300 ක් පමණ සොයා ගැනීමට නොමැති බවයි.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ද මෙම ප්‍රහාරය සනාථ කර ඇති නමුත් වැඩි විස්තර ලබා දී නොමැත.
ජන්ගෙබේ රජයේ බාලිකා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. සමහර තුවක්කුකරුවන් රජයේ ආරක්ෂක හමුදා ලෙස සැරසී සිටි අතර ඔවුන් පාසැල් සිසුවියන් වාහන වලට බලහත්කාරයෙන් ඇතුළු කළ බව ඇසින් දුටුවෝ පවසති.
පහරදීම සිදුවන අවස්ථාවේ පාසලේ සිසුවියන් 421 දෙනකු සිටි බවත් පසුව ගනනය කර බලන විට සිටියේ 55 දෙනකු පමණක් බවත් ඒ අනුව 300 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවට විශ්වාස කරන බවත් ගුරුවරයෙකු පවසා ඇත.
සන්නද්ධ කණ්ඩායම් විසින් කප්පම් ලබාගැනීම සඳහා බොහෝවිට පාසැල් ළමුන් අත්අඩංගුවට ගන්නා අතර මෑත සතිවල මෙතරම් විශාල සංඛ්‍යාවක් පැහැරගත් ප්‍රථම අවස්ථව මෙයයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙලෙසම පිරිමි පාසලකට කඩා වැදුනු තුවක්කුකරුවන් පිරිසක් විසින් සිසුන් 300ක් පමණ පැහැරගෙන ගිය අතර සාකච්ඡා වලින් පසුව නිදහස් කර තිබිණි.
(බීබීසී ඇසුරිණි)
085
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති