(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත අපරාධ බාර සහ බස්නාහිර පළාත උතුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැර දූෂණයක් සිදුකළැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසත්‍ය කරුණු ඇතුළත්වූ එකක් බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (27) දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනය භාරදීම සඳහා ලබන ඔක්තෝම්බර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් අල්ලස් කොමිසමට ඉකුත් 05 වැනිදා නිකුත් කළ නොතීසිය අත්හිටුවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහිව සිදුකරනු ලැබූ චෝදනා මෙතෙක් කරන ලද විමර්ශනයේදී තහවුරු වී නොමැති බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික දීපාල් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම විමර්ශනය පොලිස්පතිවරයාගේ නියමයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය ප්‍රකාරව තම කොට්ඨාසය වෙත බාරගත් බවත් එම විමර්ශනය සිදුකිරිමට අධිකරණයෙන් අවසර ලබා දෙන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන් වෙයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා සමඟ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිනාධිපති පොලිස් පරික්ෂක එස්. පී. ඩී. ජේ. නිශාන්ත යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
ඒ අනුව මෙම අවසන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තැබීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියෝජ්‍ය පොලිස්පති රොහාන්ට එරෙහි බී වාර් තාව අසත්‍යයක්
Sahara perera Tuesday, 27 September 2022 07:25 PM
ගින්නක් නැතිව දුමක් පිටවෙන්නේ නැති බව අතීත කියමනක්...
dasun Wednesday, 28 September 2022 09:46 AM
රොහාන් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂක කාලේ නීතීඥවරු පෙන්නන්න බැහැ. අඩුමගානෙ පැමිණිලිකාරයෙක් එක්කවත් ලෝයර් කෙනෙකුට ඇතුළට යන්න බැහැ. මොහුගේ මුළු පොලිස් ජීවිතයම සොයාබැලිය යුතුයි.