
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපතිල හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරනවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන මාර්තු පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය දැනුම් දුන්නාය
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාන වල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය
මෙම නඩුකැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කොට සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් මින් ඉදිරියට නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය දැනුම් දුන්නාය
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 108ක් කොළඔ දිසා අධිකරණයට ගොනු කොට ඇති අතර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කොට ඇත
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනල හිටපු අගමැති රනිල් වික්‍රමසිංහල හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුල හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරල හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නි්යෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් මෙම වන්දි නඩු ගොනු කොට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයේ සරදම් තමයි...?
මේක හොඳ පාඩමක්... සියලුම පොලිස් නිලධාරීන්ටත්...