
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත් විය.
අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 78 කි.
පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා:-(පොපෙ) විසින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත්:-(පොපෙ) මහතා එම යෝජනාව ස්ථිර කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.
ඡන්ද 23 ප්‍රතික්ෂේපිත ලෙස ප්‍රකාශ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකත් අලුතෙන් තෝරගනිල්ලා. යාපා එලවලා, ශශේන්ද්‍ර රාජපක්ෂ පත්කරගන්නවට අපි එකගයි.
වියදම කීයක් වුනාද
ඔක්කොම තනතුරු ටික පොහොට්ටුවන්ටම...
සජිත්ට නියෝජ්‍ය කථානායකවත් පත් කරගන්න බැරිඋනානේ අය්යෝ සජිත් ඕක ළමයෙකුට දුන්නනම් හොඳයි.
අගමැතිවරයා කීප අවස්ථාවකම කිව්වා රාජපක්ෂ කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න බැහැ කියලා.. දැන් නියෝජ්‍ය කතානායක වෙලා තියෙන්නේ රාජපක්ෂ කෙනෙක්.., එහෙම නිසා තවත් කෙනෙක් කියාවි මේ ඒ රාජපක්ෂලා නොවෙයි කියලා. මෙහිදී එහෙම කියන්න බැහැ. මොකද මේ රාජපක්ෂත් හම්බන්තොට කෙනෙක්... සමහර විට අර පරම්පරාවේ කෙනෙක් වෙන්න පුළුවන්..!
කුරහන් සාටකය සමග කොණ්ඩය තව පොඩ්ඩක් තිබුණානම්. ‘‘මයිනා‘‘ කියන්නත් තිබුණා. තවමත් පාර්ලිමේන්තුව තුළ හම්බන්තොට සහ රාජපක්ෂවරුන්ගේ අවතාර හොල්මන් කරන බව මේ ඡන්දයෙන් පැහැදිලි වෙනවා.
තවත් රාජපස්ස කෙනෙක්. එයත් හම්බන්තොටින්. හනේ මන්ද....