IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟය දරුණුයි උඩවලවේ සතුන් කෑම-ජලය සොයා ඉබා ගාතේ යති

(රෝහණ සමරවීර)

නියගයේ බලපෑම දිනෙන් දින උග‍්‍රවී ආහාර හා ජලය අවමවීම හේතුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

උඩවලව ජලාශයේ ජල මට්ටම ඉතිහාසයේ නොවූ ලෙස පහළ බැස ඇත. වනෝද්‍යානය තුළ පිහිටි බුරුතගොල්ල වැව, දංගහවැව හා කුඩා වැව ඇතුළු ස්වභාවික දිය කඩිති සම්පූර්ණයෙන්ම සිදී යාම නිසා  වන සතුන් උග‍්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති.

මේ පිළිබඳව සොයා බැලීම සදහා අප පසුගියදා උඩවලව වනෝද්‍යානය තුළට ගියෙමු. වනොද්‍යානයේ සතුන් ආහාරයට ගන්නා තණකොළ ශාකයේ සිට සියළු ශාකයන් ජලය නොමැතිව  වේලී ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.

බුරුතගොල්ල වැව, දංගහවැව, කුඩා වැව හා ඒ ආශ‍්‍රිත ස්වභාවික සියලූ දිය වලවල් සම්පූර්නයෙන්ම සිදි ගොස් තිබූනු අතර එම ස්ථාන වල ජලය නොමැති හේතුවෙන් අලි ඇතුන් මුවන්, මුගටියන්, හාවන් පමණක් නොව වදුරන් ගරිලවුන්, හිවලූන්  වනෝද්‍යනය තුළ ජලය සොයා ඉබා ගාතේ යන අයුරු අපට දක්නට ලැබිණි.

එහි තෘණ භූමි සම්පූර්ණයෙන්ම මැරී ගොස් ඇත. එහි සත්වයින්ට ආහාරයට ගැනීමට  ඉතිරිව ඇත්තේ වේළුණු ගස් කොළ හා ශාක පමණි. නොමැරී ඉතිරිව ඇති ශාක වර්ග කීපයක් වනෝද්‍යානයේ ඇතත් එම ශාක වර්ග සත්වයන් ආහාරයට නොගන්නා බව පරිසරවේදීයෝ පෙන්වා දෙති.

දැනට වනෝද්‍යානය තුළ කෘතිම ජල කඩිති පවත්වාගෙන ගිය ද සතුනට අවශ්‍ය ජලය හා ආහාර එමගින් සැපිරෙන්නේ නැත.

 



අදහස් (3)

නියඟය දරුණුයි උඩවලවේ සතුන් කෑම-ජලය සොයා ඉබා ගාතේ යති

sam Monday, 21 August 2023 10:38 PM

නියඟයේ බලපෑම දිනෙන් දින උග‍්‍රවී ආහාර හා ජලය අවමවීම හේතුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගේ ජීවිත දැඩි අවධානමකට පමණක් නොව පනිය ජලය නොමැති හෙයි වන අලියා ඇතුළු සතුන් පවා ගම්වදීම සහ මිනිස් ජිවිත හානි නවත්වා ගැනීම හෝ අවම කිරිම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ, මේවනවිට සීග්‍රයෙන් ඉහලයමින් පවතින ගෝලීය උෂ්ණත්වය නිසා සමහර ඉදිරියේදී ලනකව ඉන්දියාව වැනි ගර්මකලපිය රටවලට දැඩි උණුසුමක් සහ වැසි නොමැතිව දිගු කාලයක් සිටීමට සිදුවනු ඇත.. මේ හෙයින් සියලු අහාර වරග දැඩි හින්ගවීමක් ඇති වනු ඇත.

:       0       4

ජයලත් Tuesday, 22 August 2023 07:28 AM

ඇයි පිරිත් වැස්සෙ බලබිදිලද පිස්සු මුන්ට

:       2       1

Prabash Tuesday, 22 August 2023 01:41 PM

පක්ෂ දිනවීමේ මානසිකත්වයෙන් මිදී... මේ සඳහා විසඳුමක් සොයන්න. පක්ෂ දිනවන එක පස්සේ කරගන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site