
(සුජිත් හේවාජුලිගේ)
අධික නියගය හේතුවෙන් උතුර, නැගෙනහිර,වයඹ,සබරගමුව, දකුණ උතුරු මැද, පළාත්වල හෙක්ටයාර් දහසය දහස් එකසිය හැට හතරක (16164) කුඹුරු වගා හානියට පත්ව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සේවා) සුමිත් චන්දන මහතා පැවසීය.
මින් කුඹුරු වගා හෙක්ටයාර් 11231 කට සියයට 75 කට වැඩි හානියක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම කුඹුරු භූමි හානියට පත්වීමෙන් විපතට පත්ව සිටින ගොවීන් සංඛ්‍යාව 36,380ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ නැඟෙනහිර,දකුණ සහ වයඹ පළාත්වල කුඹුරු වගාවන්ටය.
මේ අතර මෙම පළාත්වලට ප්‍රමාණවත් වැසි තවමත් ලැබී නොමැති හෙයින් කුඹුරු වගා විනාශවීම තවදුරටත් ඉහළ යා හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
උඩවලවේ ජල ප්‍රශ්නය ප්‍රශ්නය හේතුවෙන් දකුණේ කුඹුරු වගා රැසකට හානි සිදු වූ බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ෂණිකව අතිවිශාල මුදලක් සෙවීමට පාරම්පරිකව කරන කටයුතු යන්ත්‍රානුසාරයෙන් කරන්න ගියාම පොළව අභ්‍යන්තරයේ තියෙන ජලය පිටතට අරගෙන මුහුදට යවන්න වෙනවා. එහෙම දේවල් සබරගමුවේ විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවෙනවා. මෙයින් භූ ගර්භයේ ජලය විනාශ වුණාම ඒ ප්‍රදේශවලින් පහළ පෙදෙස් ඉක්මණින් වියළී යද්දී එම ප්‍රදේශවල ඉතාමත් ගැඹුරු නල ළිං වලිනුත් ජල උල්පත් වියළී යනවා මේ නිසා අනාගතයේ ලංකාවේ කාළගුණ විපර්යාසයක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. නමුත් මම භෞතික විද්‍යා උගතෙක් නොවෙයි නිසා මේ අදහස වැරැදියි නම් පහදා දෙන්න...