(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන් රුපියල් කෝටි 50 කට අධික වන්දි දැනටමත් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.ඉතිරි වන්දි මුදල් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
හානිය වී මාස දෙකක් ඇතුලත ගොවීන්ට වන්දි දීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
2023 වසරේ බලපෑ නියඟය හේතුවෙන් වී වගා බිම් අක්කර 65,000ක් හානියට පත් වූ අතර ගොවීහු 61,000ක් පීඩාවට පත් වූහ.කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කළ තක්සේරුවට අනුව වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වූයේ කුරුණෑගල හා වලව කලාපයෙනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා වෙන් කර ඇති මුදල රුපියල් තිස් හය කෝටි හැට ලක්ෂයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
VAT ගහ ගහා නිකම් පුදනවා අනේ මන්දා අපේ රටේ පාලනය.
කොහේද අනේ නියඟයක් තිබුනේ? 2023 ජූලි මාසයේ සිට 24 ජනවාරි දක්වා පැවැති වැස්ස නිසා නම් වගාවන් විනාශ වුණා... එළවළු මිල රත්‍රන් පරාජයට පත්කළා... තවමත් එහි පීඩනය තියෙනවා. එහෙම තියෙද්දී නියඟයක් කියන්නේ මොන උප්පර වැට්ටියක්ද කියලා අහන්න හිතෙනවා...!
පිනාගේ රට සවාරි වලට තවත් අමතර කෝටි දෙසියයක් ඊයේ පෙරේදා අනුමත කර ගත්තා නේද ?