
(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශ ගංඟා ඇළ දොළ සිඳී යමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිමින් සිටිති.
මෙම නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බලා පා ඇති අයුරුයි මේ.
කිලෝ මිටර් 308 ක් පුරා දිවෙන මහවැලි ගඟ මහනුවර තැන්නෙකුඹුර පාලම අසලින් දිස් වුයේ මෙසේය.
මහවැලි ගඟ මෙලෙස සිඳී යාම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ඇති අතරම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටළුවක්ද නිර්මාණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වනාන්තර කපමු...!
අපට ස්වභාව ධර්මයෙන් හිමිවෙලා තිබුණු සුවිශේෂී සම්පත තමයි ජල සම්පත කියන්නේ. වර්තමානයේ ඒ සම්පතත් විනාශ වෙලා. පරිසරයට කිසිම ආදරයක් නැති නරුමයින්ට ස්වභාව ධර්මයේ ශාපයට ලක්වීම වළක්වන්න බැහැ. පරිසරයට ආදරය කරලා එය ආරක්ෂා කර ගනිල්ලා මිනිසුනේ... නැත්නම් මේ මහපොළොවේ හිටගන්න තැන පවා ගිලා බහින්න පුළුවන් නුදුරු අනාගතයේදීම...!!!
ඔක්සිජන් කන්නද කියලා අහන එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න රටට මොන යහපතක්ද
සෑම වසරකම උතුම් දලදා සමිදු පෙරහර පටන් ගන්න කලින් වැස්ස වහිනව ! දේසපලුවන්ගෙ උවමනවට පොය කැලැන්ඩරෙත් වෙනස් කරල අැසල නිකිනි පෝය දෙකම එකම මාසෙකට ඇතුල් කරල හරි විදියට නම් ඇසල පෝ වැටෙන්න ඔනෙ ජුලි මාසෙට අගෝස්තු මුල පෝය නිකිනි විය යුතුයි. අගෝස්තු අග පෝය අදි නිකිනි විය යුතුයි. හරි කැලැන්ඩරෙ අනුවා අගෝස්තු 1 කියන්නෙ අවාන රන්ඩොලි පෙර්රහර තිබිය යුතු දවසයි. එය එසේ සිදු උනනම් මෙහෙම නියන්ගයක් එන්නෙ නැහැ දැන් අපි හුල්ලනව වස්ස නතිව.
මෙහෙම ජල සම්පත නැතුව යාමට මම දකින හේතු රාශියක් තියෙනවා එකක් මහා පරිමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන පතල් කැපීම .එයින් සියලු ජල උල්පත් සිදී කදුවල වියලීම වෙනවා ගස්වැල් මැරී යනවා ඒ ගැන කිසිම අවධානයක් නැතුව මැණික් සංස්ථාව බලපත්‍ර දෙනවා .දෙවැන්න වන විනාශය කියන්න පුළුවන් වනය විනාශ කලාම දඩුවම් දුන්නොත් ඒක අවලංගු කිරීමක් කලොත් විනාශයට උඩගෙඩි දීමක් වෙනවා එය තව තවත් විනාශ කිරීමට හේතුවක් වෙනවා ඒ අතරේ සමහරක් පාලකයො උන්ගේ වාසියට කරපු ජයට කිරුලු පැළදූ අවස්ථා නිසා වනාන්තර විනාශ වුනා ඉහළ කදුකරයේ එළවළු වගාව නිසා වනාන්තර විනාශ වෙලා ජල උල්පත් විනාශ වෙනවා තවත් එකක් කිසිම ගහක් කොලයක් නොතබා සකසන අධිවේගී මාර්ග නිසා ඇතිවන උණුසුම් වාතය ඉහළ වායුගෝලය තවත් වියලීමට පත්කරනවා (ඇත්තටම රටේ අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය මාර්ග සැදුවානම් මෙතරම් වියලීමක් නොවෙන්න තිබුනා ඉන්ධන වෙනුවෙන් වැයවන අතිවිශාල විනිමය ඉතිරි වෙන්න තිබුනා )