
(සුජිත් හේවාජුලිගේ )
දැඩි නියඟය හේතුවෙන් උතුර,නැගෙනහිර,වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි හත් දහස් නවසිය හැත්තෑ හතක් (27977) දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව අසූනව දහස් හයසිය අනූපහකි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව (ඊයෙ (5) නිකුත් කෙරුණු) නියගයෙන් වැඩිම බලපෑමට ලක්ව සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවයි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල 69113 දෙනෙක් බලපෑමට ලක්ව සිටිති. එම පිරිසට ඇතුළත් වන පවුල් සංඛ්‍යාව 21714කි.
මේ අතර රටේ වාරි ජලාශවල තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවේ මහා පරිමාණ වැව් 75 න් සහ මධ්‍ය පරිමාණ වැව් 3000න් සියයට 65 ක් පමණ නියඟය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි.
එම ජලාශවල ජල මට්ටම සියයට විසි හතක් දක්වා පහත බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගොවීන්ට පොරොන්දුවූ ආකාරයට තවත් සති දෙකක් පමණ ජලය ලබාදීමට හැකියාව ඇති බවත් ඊට අමතරව ගොවීන් ඉල්ලන ජලය ලබාදිය නොහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියගයෙන් වැඩිම බලපෑමට ලක්ව සිටින්නේ නැගෙනහිර සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවයි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල 69113 දෙනෙක් බලපෑමට ලක්ව ඇත. මෙම ප්‍රදේශවල ජනතව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර එවාතිබේ. කණගාටුවට කරුණ නම් එම දේශපාලකයන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට සියලු වරප්‍රසාද ලබමින් උතුරු නැගෙන හිර ප්‍රදේශ පාලනයට බලය ඉල්ලා සිටීම හැර ඔවුන් පාර්ලිමේන්තුවට පත් කල පුරවැසියන්ගේ මුලික අවශ්‍ය තත්වයන් වන බිමට අවශ්‍ය පානිය ප්‍රශ්නය විසදීමට කටයුතු කර තිබේද ? පාර්ලිමේන්තුව සහ පලත්සබවන් නියෝජනය කරනාවූ නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන් කොපමණ සිටියද ජනතවගේ ගැටළු ඔවුනට ගැටළුවක් නොවේ. නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන්ට විදුලිය සහ බිමට පානිය ජලය පිළිබද ගැටළුවක් නැත. ඔවුන් සියලු දෙනා ජිවත් වන්නේ කොළබ නගරයේය, නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන්ට සියලු සැප පහසුකම් ඇත. නමුත් ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කිරීමට කතිරය ගැසූ සියල්ලෝම බිමට ජලය නොමැතිව අහස දෙස බලාසිටි.
උතුරු පළාත සහ නැගෙනහිර නියෝජනය කරනාවූ දේශපාලකයන් ද්‍රවිඩ පුරවැසියන් මගහැර සිටින්නේනම් නැගෙනහිර සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවට බිමට පානිය ජලය සැපයීමට මධ්‍යම රජය ක්‍රමවේදයක් සකස් කිරීමට හැකියාව සොයාබැලිය යුතුවේ. Canada, US , French, British, යුරෝපිය රටවල් දැනුවත් කර ද්‍රවිඩ ජනතව බහුතරයක් සිටිනා රටවල තානාපති / මහකොමසාරිස් සහයෝගය ලබාගැනීම පිලිබදව සොයා බැලීම වැදගත් වේ. හමුදා සහයෝගය මගින් පානිය ජලය ප්‍රවාහන කටයුතු කිරීමේ හැකියාවක් ඇත. යෝජනාවක් පමණි