
( නිශාන්ත කුමාර )
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භුමදානයෙන් දින 21 කට පසුව අද (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ ගොඩගත්තේය.
මියගිය නිමේෂ් සත්සරගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් දුන් නියෝගයකට අනුව මෙම සිරුර යළි ගොඩ ගැනිණි.
තම දරුවා ඉකුත් අප්‍රේල් මස 01 දින වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට තරුණයාගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම අවස්ථාවට කොළඹ ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකණ වෛද්‍ය නිලධාරීන් සහ කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධීකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාසයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීහුද රහස් පොලීසියේ නිලධාරීහුද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුවන මළ මිනී ගොඩ ගන්නේ නැතුව... එක පාරම විධිමත් මරණ පරීක්ෂණයක් කරලා, තීන්දුවක් දීලා වලදැම්මා නම් හරිනේ...