
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කොට නිදහස්... 100% ක් විශ්වාසයි.
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා රටම හොරාකාලා බන්කොලොත් කරපු දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි පවුල් පාලනේ හොර පෙරකදෝරුවන් ගැන දන්නෝ හොඳාකාරවම දනිති...
මෙයාලාගේ නීතිඥ ලෝගුවක් ගලවන්න ඕන.... වංචාවෙන් නීති විභාගයෙන් සමත්කළේ
මේකනම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්නම ඕනේ එකෙක් .මූව හිරේ දාන්න පුළුවන් නායකයෙක් බිහිවෙනවානම් ලංකාව හරි මගක යනවා කියලා හිතන්න පුළුවන්
නාමල්ට මිලියන 15 කියන්නේ මොන ගාණක්ද? එයාගේ ළමයා දාන සපත්තුවක්ම ලක්ෂ 3.5ක් වෙනවනේ...!