(සුජිත් හේවාජුලිගේ )

උගත් බුද්ධිමත් දේශපාලඥයන් පටු ආකාරයෙන් ඒ අයගේ අරමුණු  ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ගැන කණගාටුවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය පරාජයට පත්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

"එයා එහෙම කියන්න එපැයි. මොකද ඔහු  දැන් වෙන්වෙලා නේ ඉන්නේ" යැයි පැවසූ මන්ත්‍රීවරයා  චන්න ජයසුමන මහතා  අන් කාටත් වඩා  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ළඟින්ම සිට  උපදෙස් දුන්  අයකු බවද  පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විවේචනය නොකර ජනතාවගේ පැත්තෙ සිට  තීන්දු තීරණ ගනිමු යැයි  තමා ජයසුමන මහතාට  යෝජනා කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.