(යොහාන් භාසුර)
නාමල් රාජපක්‍ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකරගැනීමේ උවමනාවකට වඩා රාජපක්‍ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (7) පැවසීය.
එම විදුලි බිල්පත හිගන්නාගේ තුවලය මෙන් පාර පාර සිටීම පිටුපස සැගවූ කරුණක් ඇතැයි පැහැදිළි බවත් මෙය මීට පෙර ද ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ගෙන හැරදැක්වූ විදුලි බිලක් බවත් කාරියවසම් මහතා කීය.
මෙය විදුලිබ බිල අයකරගැනීමට උත්සහයක් නොවන අතර රාජපක්‍ෂවරුන්ට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සහයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවත් විදුලිබල මණ්ඩලයෙන් ලිපියට පිළිතුරු ලද වාහාම නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් ගෙවීමක් කිරීමට තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් නාමල් රාජපක්‍ෂ මහතා දිගින් දිගටම ඉල්ලා ඇතත් මේ වන තෙක් නිකුත් කර නොමැති බව කී කාරියවසම් මහතා පැවසුවේ ජනමාධ්‍ය හරහා ඉස්මතු කළ වාහාම එතුමා නැවතත් ලේකම්වරයා හරහා ලිපියක් යොමු කර ගෙවීමක් තිබේ නම් දැනුම් දෙන්න දැනුම් දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පිස්සු... මෙයා කියන ඒවා වැඩක් නැහැ.
රාජපක්ෂවරු කියා කොටසක් තවදුරටත් ඉතිරිව නොමැති අතර, රාජපක්ෂ හොරු ඉතිරිව ඇත. රජකාල දඬුවම් ලබාදීමට තවම ඉතිරිව ඇත.
රාජපක්ෂලා කියන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුලක් කියලා ලෝකෙම දන්නවා...
රාජපක්ෂලාට මඩ නොගසා තම දේශපාලන ජීවිතය පවත්වා ගැනීමට නොහැකි පිරිසක් මෙරට දේශපාලනයේ වෙසෙති. සජබයින්, ජවිපෙවාදීන්, මෛත්‍රීපාල වැනි වැලේ වැල් නැති දේශපාලකයින් ඒ අතරින් සමහරෙකි. නැසී ගිය මංගල සමරවීර මහතා ද එහිදී සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ අයෙකි. රත්තරන් අශ්වයින්, ලැම්බෝගිනි, නවීන නිවාස, ඉඩකඩම් රාජපක්ෂලාගේ බව 2015 සමයේ දිව මතුරක් සේ කියූ මේ අය, මෑතක සිට තමන්ට සිතින්වත් මවා ගැනීමට නොහැකි බින්දු ප්‍රමාණයක් එකතුකර ලැබෙන ඓක්‍යය රාජපක්ෂ ගිණුමට බැර කරන්නේ සිහි බුද්ධිය අතියවුන්ගේ මුහුණට සිනාවක් එක් කරමිනි. කන්ටේනර් පුරවා ඩොලර් ගෙන යාම, අහස්යානා පුරවා ඩොලර් ගෙනයාම වැනි විහිළු සහගත කතන්දර විශ්වාස කරන තම ඇම්බැට්ට අනුගාමිකයන් පිනවීමත්, නාමල් රාජපක්ෂ දේශපාලන වශයෙන් ඝාතනය කර දේශපාලන පොරපිටියෙන් ඔහු ඉවත් කිරීමත් මෙමගින් ඔවුහු අපේක්ෂා කරති. මෙපමණ මුදල් සන්තකයේ තබාගෙන විදුලිබල මණ්ඩලයේ මේ කියන බිල නොගෙවා තම විරුද්ධවාදීන්ට අවි ආයුධ සපයන්නට නාමල් රාජපක්ෂ කටයුතු කරයිද යන සරල පැනයවත් මේ මඩ කරියන්ගේ හිස් ඔලුවලට එන්නේ නෑද්ද? දේශීය චොකලට් සන්නාමයක් මරා දමන්නට ජුගුප්සාජනක කතා මවන්නෙත් මෙවැනි අයමයි...
හිඟන්නා නාමල්, තුවාලය විදුලි බිල, මාධ්‍යයට ඇවිල්ලා බොරු කයිවාරු ගහන්නේ නැතිව ඔබේ හාම්පුතාට බිල ගෙවලා ඉන්න කියන්න...
විදුලිබිල ගෙවලා නම් මාධ්‍යවලට ඉදිරිපත් කරන්න පුළුවන් නේද? මේක ගෙවලා නැහැ...!
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා..! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදීයන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
තුවාලයක් ඇතිවුන විගසම මැහුම් දමා හරියට බෙහෙත් දමා ගත්තා නම් පෑරෙන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ... උන්නැහේ ඇත්තටම ඔය කියන මගුලට ගෙනරේටර් ගෙනැවිත් විදුලිය ගත්තාද? නැද්ද? කියලා සහ එහෙම ගත්තා නම් බිල්පත ගෙව්වාද? නැද්ද? කියලා කිව්වා නම් ඔය විකාර කතා අවශ්‍ය නැහැ... අහලා නැද්ද ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා...!
මාක්ස් ගේ කමෙන්ට් එක දැක්කාම පේනවා වහල් මානසිකත්වය කියන්නේ ඉතාමත් දරුණු හොඳ කළ නොහැකි රෝගයක් කියලා...
දේශපාලකයින්ගේ හොරා කෑමේ සංස්කෘතිය අතුගා දමනතුරු, මේ රටට වගතුවක් වෙන්නේ නැහැ...
බිලක් එව්වා නම් පොලු උස්සන් එන හැටි බලන්න තිබුණා. ලයිට් ගත්තා නම් බිල එනකන් ඉන්නැතිව ඒක ගෙවන්න.. අවංක නායකයින් නම්. අනික මොවුන් රටට ආදරයක් තියෙන අය නම් මෙච්චර දුගී රටේ ලක්ෂ 27ක ලයිට් පුච්චල මගුල් නටයිද? අනික් වියදම් කොහොමට ඇතිද? ඒවායේ පොලු තිබ්බ ඒවා එළියට ආවොත් කොහොම හිටීද? මේ ලේකමයත් හොඳ කටු කන කෙනෙක්.
ඔය මහලොකු රාජපක්ෂලාට STF ගාඩ් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්ද? මිනිස්සු හූ කියනවා... ගල් ගහනවා...
රාජපක්ෂලා කවුද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මැක්ස් කියන හාදයාට නම් හොඳ ඇති. සුනාමියෙන් ගසාකාපු, කරුණා අම්මාන්ට හොර පාස්පෝට් එකක් හදලා යූකේ වලට එවපු, ලියම් ෆොක්ස්ව ගෙන්වාගෙන කරපු හරිය නොදන්නවා වෙන්න පුළුවන්...
වයිරයෙන් ඔලුව, හදවත පුරවාගත් කළ හරි වැරැද්ද පමණක් නොව, සාමාන්‍ය බුද්ධියද පෑලදොරින් පලායන බව මෙහි ඇති මා හට සාප කරමින් ලියා ඇති හෑලිවලින් සහ බොහෝ කොමෙන්ට් වලින් මොනවට පැහැදිලි වේ. ධර්මපාල තුමාටත් මුට්ටකාසිකාරයා යයි කියූවන්ගේ ලේ නෑයින්ට අපි අනුකම්පා කරමු. ඔවුන්ගෙන් මැදිහත් යමක් අපේක්ෂා කළ නොහැකි නිසා...!
ලක්ෂ විසි හතකට කිට්ටුලු විදුලි බිල.... දැන් නෝනාට දෙවෙනි බබත් හම්බවෙන්න ළඟයිලු. තාම බිල ගෙවන්න තියා ගෙවන්න හිතලාවත් තිබිලා නැහැලු. මගේ හිතේ මගුලට ආපු උන්දැලා කාලා තියෙන්නේ විදුලිය වෙන්නැති...
හිඟන්නන්ට අපහාස කරන්න එපා මිනිහෝ...!
පාහර ජෙප්පෙක් විදුලිබිල ගැන පුනපුනා කියනවා. හැබැයි අපි උගෙන් අහන ප්‍රශ්න වලට ඌ උත්තර දෙන්නේ නැහැ...
ඔච්චර ලොකු බිලක් එන්ඩ ඕක ෆැක්ටරියක්ද? සරලකම දන්නේ නැතිද උන්?
හොඳ සිල්ලර වෙළෙන්දෙක්.!!!
හානේ, මේ MAX කියන උරන මැක්කනෙ. අනේ පලඩෝ යන්ඩ. හොරුන්ට ආවඩන නරිය. හොරැ කව්ද, හොද කව්ද කියල ලංකාවෙ මිනිස්සු විතරක් නෙමෙයි ලෝකෙම දන්නව. උබ කටු සූප්පුව කියලත් හැමෝම දන්නව. ගොබ්බය උනාට ඒක ප්‍රදර්ශණය නොකර හිටහං.
බලාගෙන යනකොට විදුලි බිල ගෙවන්නේ දුප්පත් අපි විතරද ?ලොකු දේශපාලකයෝ විශාල පන්සල් ලක්ෂ ගණනකට විදුලි බිල් ගෙවලා නැහැ
සාගර ලොක්ක ඔයා මේ නාමල්ට හිගන්න හිගන්න කියන එක "කැචයි" නේද. චී චී එහෙම කියන නාමල්ගෙ ආත්ම ගරුත්වය නැති කරන්ඩ එපා.
2015 ජනාධිපතිවරණය අවසන් වෙලා පත්වූ ජනාධිපති කිව්වා පැරදුණා නම් අඩි හයක් යට යන්න තිබුණා කියලා... ඒ වගේ ඉල්ලුවා කියලා බිලක් යවන්න ශක්තිමත් කශේරුකාවක් තියෙන එකෙක්වත් බිල් නොගෙව්වා කියලා විසංධි කිරීමට එකෙක්වත් මණ්ඩලයේ නැහැ. මොකද වැඩි පිරිසක් විදුලිය ගත්තා කියන උන්දැලා විසින්ම බඳවා ගත්තු එවුන්ම තමයි.. එහෙම ශක්තිමත් අයෙක් හිටියත් සිරිසේන ජනාධිපති කියපු ආකාරයට යන්න පුළුවන් කෙනෙක් නැතුව ඇති.. මේවා නවත්වන්න මාලිමාවට වුණත් හැකියාව තියේවි කියලා හිතන්න අමාරුයි...