(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ දී ජපානයේ සමාගමකින් අල්ලසක් ලබාගත් බවට ඉල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරාය.
කමිටුවේ වාර්තාව ලබන 31 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාර දිය යුතුය.
චෝදනාව එල්ල වීමෙන් පසු පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නිමල්ගේ අල්ලස් චෝදනාව පරීක්ෂාවට ත්‍රිපුද්ගල කමිටුවක්
දාස Saturday, 23 July 2022 09:29 AM
මෙික අල්ලස් ගත්තෙ අද ඉයෙ නෙමෙයි,දැන් අවුරුදු ගානක් තිස්සෙ ඔය වැඩේ කලා .,ඒක මෙකගෙ ජන්ම ගතිය . එන ඕන ආන්ඩුවකට හේත්තුවෙලා පගා කෙලින එක මේ යෝදයට සුලු කරුනක්.
ලමය Saturday, 23 July 2022 09:32 AM
උපන් ගෙයි කාඩයා, රට අපි බංකොළොත්... මේ අයට රජ සැප. වැසිකිළියේ වුණත් නිදාගන්න පුළුවන්...!
sam Saturday, 23 July 2022 10:49 AM
මෙතුමාට පොඩ්ඩක් ඇහැ පියවෙච්ච වෙලාවේ වෙන කවුරු හරි ගේමක් දීලද කොහෙද?
Surain Saturday, 23 July 2022 11:12 AM
ඔය කමිටු ගැන කවර කතාඩ. බැදුම්කරේටත් 3 පුද්ලගල කමිටුවක් නෙ මුලින්ම පත් කලේ.
Hafeel Saturday, 23 July 2022 04:53 PM
රටේ පොදු නීතිය අනුව මෙවැනි අල්ලස් සිද්ධීන් පරීක්ෂණ කළයුත්තේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින්. මේ කමිටු පත්කරන්නේ යටපත් කරන්න මිස අවංකවම පරීක්ෂණ කරන්න නොවේ. මේ රටේ දුමින්ද සිල්වා හැර කව්ද දේශපාලනයෙන් දඬුවම් ලැබිලා තියන්නේ...?
විපරමා Saturday, 23 July 2022 05:01 PM
නිමල් කාලයක් නිවාස ඇමති වෙලා ඉන්න කාලේ සිමෙන්ති මුට්ට ගණන් ගිල්ලා කියලා රාවයක් තිබුණා.. දේශපාලුවන් ගැන නම් කවර කතාද? දන්නෝ හොඳාකාරවම දනිති.
nalin Saturday, 23 July 2022 05:31 PM
බැඳුම්කරේ ලොකු හොරාව අල්ලන්නේ නැත්ද? හොරෙක් අල්ලන්න කොමිසමක් පත්කරලා..
kamal Sunday, 24 July 2022 03:10 AM
අල්ලස ගත්තේ නැතුවට ඉල්ලුවනේ. අරගලය කළයුත්තේ මේ වංචනික දේශපාලනය අතුගා දැමීමටයි.
Anura Monday, 25 July 2022 12:39 PM
කවදාද රජයකි විදිහට හොරකම් කරලා අහුවුණු ඇමැතිවරුන්ට දඬුවම් කළේ..? පුළුවන් නම් එකෙකුට දඬුවම් කරලා රටට ආදර්ශයක් දෙන්න.. එතකොට රටේ මිනිස්සු අධිකරණ කටයුතු ගැන විශ්වාසයක් තියයි.