(ආරියරත්න රණබාහු )
ශ්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍්‍යෂඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අමාත්‍ය වරයා වෙත ලිපියක් මගින දන්වා ඇත.
දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමේ බලය ඇත්තේ භාපතිවරයාට පමණක් යැයි එම ලිපියේ සඳහන් කර තිබේ.
පක්ෂයේ තීන්දුවක් මත ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය අත්හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා දැනට එම තනතුරේ පෙනී සිටින්නේ අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් මත බවද එහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදිමතයා ගෙදර යවමු.
හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපු කෙනෙක් .බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .