
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.
රයිසින් බාරට් සමිට් (RisingBharatSummit2025) වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකිවීම විශාල ජයග්රණයකි.
COMMENTS
වෙන්න ජනපති දගලන දැගලිල්ලක් අනුර ඉන්දියාවට ගියාම මෙයත් ඉන්දියාවට යනවා, අනුර මෝදි හමු උනාම මෙයත් මෝදි හමු වෙන්න යනවා. අපිට හරි හිනා....
කාල ගෝල නාමල්ව අත්අඩංගුවට ගනීද දන්නෙ නැහැ දැන් ???
දැන් වේදිකා වල කියන දේ මෝඩි ගෙන් කෙලින්ම අහන්න තිබුණා නේ...
යකෝ මෙන්න නාමලයත් මෝදි හමුවෙලා .මූ තමා දවසකටවත් මිනිහා .
තමුන්ගේ පියා ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු විදිය ගැනත් මෝදිට කියන්න ඇති...!
"ඒ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් මම මෝදි අගමැතිතුමාට පිලිපීනයේ මාකොස්ගේ පුතාට උනදේ හිතේ තබාගෙන කටයුතු කලොත් කාගේ කාගේත් ඇඟට හොඳයි කියලත් මතක් කර දුන්නා " කියල ලියල නැද්ද ?
ටිරයි එකක් දුන්නේ නැද්ද ඩීල් එකක් දාගන්න...
ඔය වගේ අතේ දුරින් මිසක්. අතට අත දෙන්න යන්න එපා. ලෙඩ ගොඩක්. කුණුගොඩක් ඔබතුමා මස්, මාලු අනුභව කරන කෙනෙක් නෙමේ. මෝඩ බේබි පිරුවට සුදෝ සුදින් සැරසුණාට මිනීමරුවෙක්, සල්ලාලයෙක්. නම ගිය හොරෙක්, වන්චාකාරයෙක්, දුප්පතුන්ගේ දේවල් හොරාකන නූගතෙක්. පුළුවන් ඉක්මනින් ඈත් වෙන්න...
ඇත්තටම නාමල් උඹට වෙන රස්සාවක් කොරන්න බැරිද.නිකන් කාලේ කන්නේ .ආයේ මේ රටේ චන්දෙකින් දිනනවා කියලා ඇයි