
(ඩයනා උදයංගනී)
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා තමන් දැරූ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
'69 ලක්ෂයේ ජනවරම' දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන නිමල් පියතිස්ස මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd