IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නාමල් ධීවර දුක අහන්න යයි

(අංජුල මහික වීරරත්න)

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28)කල්පිටිය, නොරොච්චෝල ඉලන්තිඅඩියේදී ධීවර ප්‍රජාව හමු විය.

එසේම මන්නාරම සිට  නොරොච්චෝල දක්වා මුහුදු සීමාවේ විදේශීය ධීවරයන් විසින් 'බොටම් ටෝලිම්' ඇදීම හේතුවෙන් සාගර පරිසරයට කරන හානිය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව මෙහිදී නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළේය.

විදෙස් ධීවරයන් ලාංකික ධීවරයින්ට කරන තර්ජන හා බලපැම් මෙන්ම  දැල් හා ආම්පන්න වලට කරන හානි සම්බන්ධවත් ලාංකික ධීවර ප්‍රජාවට සාධාරණයක් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

 



අදහස් (19)

නාමල් ධීවර දුක අහන්න යයි

පොඩිඑකා Sunday, 28 September 2025 08:50 PM

බෝට්ටු වලින් අයිස් සමග කුඩු අදින අහිංසක ව්‍යාපාරිකයන්ට එල්ලවී ඇති තර්ජනය ගැනත් කතා කලාද ආයුබෝවන්ඩ ?

:       3       40

ලූට මූස් Sunday, 28 September 2025 08:52 PM

පොටෝ එකම පීරලත්, පනහක් ගනංකරගන්න බැරිඋනා කියහංකො!

:       5       35

Nandalal DE SILVA - France Sunday, 28 September 2025 09:07 PM

මැදමුලන හොර පෙරකදෝරුව කියන මේ පුද්ගලයට දැන් මාලු බෝට්ටු, මාලු දැල් මතක් උනේ මොකද ? ඉස්සර මේ කොල්ලත් ප්‍රබල ඇමතිකමක් කරපු කාලෙදිවත් ඔහොම “සංචාරකයෙක්” කරපු බව අපට මතක නැත

:       4       39

චතුරි Sunday, 28 September 2025 09:26 PM

මුන්ගෙ බලේ නැතිවෙන්න ඕන ජනතාවගේ කකුල් දෙක ලගට ගිහින් අඩු පාඩු හොයන්න. මෙයා ගියෙ වෙන දේකට. ලගදිම කුඩු එනවා මුහුදු මාර්ගයෙන් ඒක ගොඩ්බිමට ගේන එක නතරකරලා මුහුදට දාන්න කියන්න ධීවරයින් මුන ගැහෙන්න ගියේ මේ ලගින් ඉන්න ධීවරයින්ගෙ බෝට්ටු ගැන නාවික හමුදාව කල්පනාවෙන් ඉන්න. මෙයාව රවුමක් අරන්ගිහින් මහ මුහුද මැද අතාරින්න

:       4       33

Mahanama Sunday, 28 September 2025 10:34 PM

දේශපාලන පිටියේ පැවැත්මක් නැති විට, මේ මෝඩයා තවත් බෝට්ටුවකට නැගීමට උත්සාහ කරයි.

:       4       35

Jagath Leanage Monday, 29 September 2025 04:51 AM

පින්තූරෙන් පේන්නෙ දහස් ගානක් ඇවිල්ල. ඒ වගේම පුදුම පිරිමි ගොඩක් ඇවිල්ල. හහ් හා.

:       4       30

sam Monday, 29 September 2025 05:19 AM

මාළු කල්තියාගන්න ඇති තරම් අපි අයිස් දෙන්නම්.

:       3       33

කෞෂි Monday, 29 September 2025 07:15 AM

දැන් බෝට්ටුවලින් කුඩු අදින එක අඩුවෙලා නිසා ඒක ප්‍රමෝට් කරන්න තමයි මේ.

:       4       32

අයිස් පියා Monday, 29 September 2025 07:22 AM

හදිසියක් උනොත් රටෙං පැනගන්න බෝට්ටුවක් බුක් කරන්න ගියාද දන්නෙ නෑ

:       4       27

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 29 September 2025 08:32 AM

රෙදි හෝදලා ඉවර නොමැත දෙවියනේ...මොකටද අප ඩෝබිලා වී ඉපදුණේ ...මැතිඳුනි, අපේ දුකත්.. අහන්න ටිකක්..

:       8       16

Mahinda Monday, 29 September 2025 09:16 AM

අමතක කරන්න එපා ඉන්දන සහනාධාරය ඉල්ලපු ඇන්ටනී වෙඩි තියලා ඝාතනය කලේ මෙයාලා .ඒවත් මතක් කරලා දෙන්න.

:       3       29

අරවින්ද මොණරවිල Monday, 29 September 2025 09:32 AM

තාත්තාලා බාප්පලා ජනාධිපතිකම් කරන කාලයේ උබට ඕවා හොයන්න බලන්න මතක නැති උනාද බං ? දැන් නම් උබ ඕවා බැලුවට වැඩක් නැහැ, ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ඊළග අවුරුදු පහ ඇතුළත ඔය ප්‍රශ්න විසදනවා.. හරිය....

:       3       33

Karu Monday, 29 September 2025 09:40 AM

මෙයාලා ඇමතිකම් වල හිටපු කාලේ, මේ ප්‍රශ්න දැක්කේ නැද්ද./? දැන් බොරුවට අහිංසක මිනිස්සු අන්දවන්න හදනවා/..

:       2       32

sara Monday, 29 September 2025 10:11 AM

මතක් කරලා අයිස් ටිකක් අරන් යන්න බෙදන්න.

:       2       29

දේශප්‍රිය Monday, 29 September 2025 12:30 PM

පැලවත්තේ කුලී ඩෝබිලා සෙට් එක රොත්ත පිටින් ටිපර් වෙලා. භූමිතෙල් වැදුණු ගැරඬි වගේ දඟලන කොට මාර ආතල්. දැන්නම් කොච්චර කොමෙන්ට් කෙටුවත් ආණ්ඩුවේ පල්ලම් බැසීම නවත්තන්නත් බෑ, නාමල්ගේ ජනප්‍රිය බව අඩු කරන්නත් බෑ. ජනතාවට ආතල් දිදී තව තව නටපල්ලා. උසි උසි...

:       28       2

පොඩිඑකාMonday, 29 September 2025 03:06 PM

අනේ දේශ අප්පිරියෝ, උන්දැගේ ජනප්‍රිය බව පේනව ඉන්න ගානින්ම, පුටුත් හිස්, දෙන්නෙක් නිදි. ජනප්‍රිය නොවෙයි උන්දැගේ ජන අප්‍රිය බව නම් වැඩිවෙනවා!

:       0       3

පිටරැටියා Monday, 29 September 2025 04:29 PM

හොර පෙරකදෝරුවා ගේ ජනප්‍රියත්වය ගැන නම් කියලා වැඩක් නැහැ. ජනතාව දූෂිත පව්ල් පාලනේ අයව පැන්නුවේ නිකම්ද? ඇස් කන් නැති මොලේ උඩ ඉන්න වහල්ලු ගැන කවර කතාද?

:       0       4

පියල් Monday, 29 September 2025 01:02 PM

ධීවරයෝ නාමල් ගේ දුක අහන්න යයි...

:       1       19

කපුරු හාමි Monday, 29 September 2025 02:29 PM

ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු හොර පෙරකදෝරුවා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිතම පව්ල් පාලනේ එකාට දැනුයි ජනතාව ගැන අමුතු කරුණාවක් පහළ වෙලා තියෙන්නේ? මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරපු අයට හිරේ යන්න වෙනවාට බය වෙලා ඇති...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site