
(ප්‍රසාද් රුක්මල් )
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළේය.
හාලිඇල මැදපිටගම ප්‍රදේශයේ පදිංචි එච් .බංඩාර නැමත්තෙකු මෙසේ තමන්ට රජයෙන් ලබා දුන් සහල් පරිභෝජනයට නුසුදුසු අයුරින් පවතින බව පවසමින් ලැබුණු සහල් වලින් කොටසක් ද රැගෙන හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය .
හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජය ප්‍රදීප් මහතා මේ සම්බන්ධයෙන් සදහන් කලේ රජය මගින් නොමිලේ ලබා දුන් සහල් කිලෝ 10 ක් අඩංගු සහල් බෑගයේ තිබූ සහල් නරක්වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පවසමින් සහල් රැගෙන හාලිඇල මැදපිටගම ප්‍රදේශයේ පුද්ගලයකු හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කල බවත් , ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන බවයි .
හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ඇම් .සී.වීරසිංහ මහතා පැවසුවේ මේ දිනවල රජය මගින් ජනතාවට නොමිලේ ලබා දෙන සහල් බෙදා දීමේ කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ සිදු කරන බවත් , ඉන් එක් අයෙකුට පමණක් නරක්වූ පරිභෝජනයට නුසුදුසු සහල් ලැබුණු බවට දැනුම් දුන් බවත්ය. ඔහුට ඒ වෙනුවට වෙනත් කිලෝ 10ක සහල් බෑගයක් ලබා දුන් බවත් සදහන් කළේය .

2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
Perera Friday, 26 April 2024 03:52 PM
නිකන් දෙන්නේ කුණු ජරාව බව දන්නේ නැද්ද?
Chamara Saturday, 27 April 2024 07:53 AM
2015 මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නෙ උනේ හැම ගෙදරටම පොඩි හරි වාහනයක් ගන්න ඕනෙ කියපු එක. 2024 වෙනකොට මිනිස්සු ආයෙම හාල් කිලෝ දහයකට පහලවකට දෙන චන්දෙ තීරනය කරන තැනට ඇවිත් .අවුරුදු 9ක් ඇතුලත අපෙ ජීවිත කොච්චර බාල්දු වෙලාද?
Kazi Shajahan Saturday, 27 April 2024 08:13 AM
වහාම 7 පුද්ගල ජනාධිපති කමිටුවක් දාලා පරීක්ෂණ කරන්න ඕනේ.මේක රජයේ අපකීර්තියට කරන්න හදපු ගේම් ද කියලා
Lalla Saturday, 27 April 2024 09:38 AM
පින්බත් කන්න බලාගෙන ඉන්න නිකමුන්ට දෙන දෙයක් කාලා ඉන්න කියනවා මිස රජ සැප දෙන්න ඕනෑද?
රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 April 2024 05:21 PM
කුණුවූ පාලකයින්ගෙන් කුණු නොවූ ආහාර ලැබේවිද? මොවුන් ජනතාවට සලකන්නේ ඔවුන්ගේ ඌරු කොටුවේ සිටින ඌරන් හැටියට...!