
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
ඔහු එම කාරක සභාවේ සභාපති ලෙසද කටයුතු කළේය.
ඒ අනුව පුරප්පාඩුවූ එම සාමාජික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා නම් කර ඇති බවද කතානායකවරයා කීවේය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයද මේ අනුව පුරප්පාඩු වන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... මෙයා ජාත්‍යන්තර සම්බන්ධතා කියන ඒවත් දන්නවාද? අපි නම් දන්නේ වෙන සම්බන්ධතා ගැන නම් එක්ස්පරට් කෙනෙක් කියලා.
රටේවත් හරියාකාරව සම්බන්ධතාවක් පවත්වන්න බැරි මිනිහා ජාත්‍යන්තර සම්බන්ධතා කොහොම කරන්නද? ඇත්තටම පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්නේ මොන සුදුසුකම් අනුවද කියලා දන්න කෙනෙක් කියන්න...!
හොර පෙරකදෝරුවා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්ච කෙනෙක් කියලා ලෝකෙම දන්නවා...
නීතිඥ?
ඔව් ඉතින් බාප්පලා ඇමෙරිකාවේ ඉදිද්දී තව මොන ජාත්‍යන්තර සබදතාද?
ලංකාවේ සිසුන් සමග ලංකාවේ විභාග ශාලාවක විභාගය නොලිව්වා කියන කෙනෙකුට මොන ජාත්‍යන්තර සබදතා ද ලොක්කා?