(ඩයනා උදයංගනී)
ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දන්වා ඇතැයි සඳහන්ය.
එල්ල වී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කොළඹ, මාලිගාවත්ත පටුමගහි පදිංචි එස්.එම්. නිෂාන් මව්ලානා නැමැති පුද්ගලයෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත කර තිබූ ලිඛිත පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබිණි.
එහිදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තායිසේ සමාගමේ නියෝජතයින්, රාජ්‍ය නිලධාරීන්, අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු උප කොන්ත්‍රාත්කරුවන් ද කැඳවා සාක්ෂි සටහන් කරගත් බවත්, ජපන් තානාපති කාර්යාලයෙන්ද එම පරීක්ෂණ වලට අදාල කරුණු විමර්ශනය කර ඇති බවත් වාර්තා වේ.
ඉදිකිරීම් කොන්ත්‍රාකරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනාවකට ලක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන්පසු සිය ධූරයෙන් ද ඉල්ලා අස්වෙමින්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කළ අතර, එහිදී සිදුකළ පරීක්ෂණවලදී හා සාක්ෂි විමසීමේ දී ද නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ කිසිදු අමාත්‍යවරයෙකු එසේ අල්ලස් ඉල්ලා නොමැති බව එම කමිටු වාර්තාවෙහි සඳහන් වී තිබිණි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා නැවත ජනාධිපතිවරයා විසින් වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලද්දේ ඉන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම මෙම ලිපි ගොනු අයින් කරගත්ත එක නම් හොඳයි. නැත් නම් පරීක්ෂණ කරලා, නඩු විභාග කරලා, මහජන මුදල් නාස්ති කරලා, එක්කෝ තාක්ෂණ දෝෂය නිසා කියල මෙම අල්ලස් කොමිසමම මෙම නඩුව ඉල්ලා අස්කරගනීවී. එහමත් නැත් නම් අධිකරණයෙන් දඬුවම් දුන්නත් ජනාධිපති සමාවෙන් නිදහස් වේවි. ඊටත් එහා ගියා නම්, කප්පම් ඇමතිට වගේ අත්හිටු සිර දඬුවම් ලැබේවි. ඒ නිසා මහජන මුදල් නාස්ති නොකර, මේ ගත්තු තීරණය හොඳයි. කොහොමටත් මේ රටේ නීති, රීති, දඬුවම් සේරම රටේ සාමාන්‍ය ජනතාවට තමා.
දෙවියන්ට ස්තුති වේවා. මේ වගේ ජරා දේශපාලකයෝ ලංකාවේ නැහැ .
රනිල් ඡන්ද පොරොන්දු කිව්ව වගේම ඉෂ්ට කරනවා. හැබැයි අපිට නෙවෙයි 135 ට. ඔබේ ඡන්දයේ වටිනාකම හා විපාක ඔබද හදුනාගන්න.
ජපානේ කොම්පැණියට විරුද්ධව ලිපි ගොනුවක් අරින්න.
අදාළ සමාගම තමන්ගෙන් අල්ලස් ඉල්ලුවා කියන එක සනාත කරන්න බැරි උනානම් චෝදනා ලැබුව උන්දා නිදහස් වෙනවා, එක පුදුම නැහැ . අදාළ සමාගම තමන්ගෙන් අල්ලස් ඉල්ලුවා කියන එක සනාත කරන්න ඉදිරිපත් නොවුයේ සමහර විට ලංකාවේ වෙන ව්‍යාපෘති ලබාගන්න බලාපොරොත්තුව ඉන්න නිසා වෙන්න පුළුවන්, නැතිනම් ඔය ලංකාවේ දේශපාලුවන්ගේ හැටි පැමිණිලි කරන්න වෙන්නෙත් හොරුනටම ඒ නිසා ඉන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියා සිතුවා නිසා වෙන්නත් ඇති. මින් අදහස් කරන්නේ අහවලා බොහොම පිරිසිදු ගොයියෙක් කියලා. අපි මොවුන්ව තඹ සතේක විස්වාසය කරන්නේ නැහැ.
ජපනුන්ට වැරදිලා, අපේ රටේ මෙහෙම පාගා ඉල්ලයිද.?
කාවද මේ රවටන්නේ.?