IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාමල් කුමාරට පහරදුන් පිය-පුතු අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දූෂණ විරෝධී ප පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පියා  තිස් පස් හැවිරිදි වියේ පසුවන වෙළඳාම් කර ජීවිකාව ගෙන යන අයෙකු වන අතර ඔහුගේ විසි තුන් හැවිරිදි පුත්‍රයා කුලී වැඩකර වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි.

මොවුන් කරද ජනපදයේ පදිංචි අය වෙති. පැහැර ගත්තේ යැයි කියන දේ පළ තවම සොයා ගෙන නොමැත.

නාමල් කුමාර නමැත්තා ගේ  බිරිඳ  මදුවන්ති තිලකරත්න නැමැත්තිය කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද (6) පැවසීය.

නාමල් කුමාර නමැත්තා කරද විහාරස්ථානය අසල දී පුද්ගලයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙන බව කියති. මෙම ආරවුල සිදු වූ ස්ථානයට පියා සහ පුතා පැමිණ ඔබ අපේ අයට කරදර කරනවා  දැයි විමසමින්පහරදීම සිදුකර ඇති බවපොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ නාමල් කුමාර නමැත්තා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.පොලූවලින් සහ අතින් පයින් මොහුට පහරදී ඇති බවපොලිසිය සදහන් කරයි.

වරකාපොල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 



අදහස් (11)

නාමල් කුමාරට පහරදුන් පිය-පුතු අත්අඩංගුවට

C.K.Lankaputhra Sunday, 06 August 2023 09:44 AM

දෙවියන්ගෙ මෝල හිමින් තමයි අඹරන්නේ. හැබැයි නොවරදවාම අඹරනවා.

:       1       7

පුෂ්කර Sunday, 06 August 2023 10:00 AM

රටට පිළිලයක්...!

:       1       9

wedage Sunday, 06 August 2023 10:40 AM

යාන්තම් ඇති නාමල් කුමාර කරලියට ආවා... කොහේද මෙතරම් කලක් සිටියේ...? පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔබ ගැන ඇහුවා...

:       1       7

Bamunuarachchi Sunday, 06 August 2023 11:12 AM

නාමල් හාදයා විශ්වාසවන්ත කෙනෙක්ද?

:       1       6

Lalla Sunday, 06 August 2023 11:44 AM

නාමල් කුමාර රටටම කරදර කළා. මෙලොව වාසයට නුසුදුසු නීචයෙක්... යහපාලන ආණ්ඩුව විනාශ කරන්න රාජපක්ෂවරු යොදාගත්තු නීචයින් කීපදෙනාගෙන් පළමුවැන්නා...!

:       1       9

Rata Perata Sunday, 06 August 2023 12:46 PM

පිය පුතු දෙපළට අපේ අගය කිරීම...

:       1       11

චමින්ද Sunday, 06 August 2023 01:11 PM

මෙහිදී මුලින්ම වරදක් කළ පුද්ගලයා ගැන අවධානය යොමුකර නැහැ...

:       1       8

Hafeel Sunday, 06 August 2023 04:04 PM

රාජ්‍ය බැංකුවට පොලු තියලා, ගුවන් හමුදාවට ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා, ඇතුළත් වෙලා සහ නීති විරෝධීව අයින් වෙලා, ඉතින් ඔහුව තාම ආමන්ත්‍රණය කරන්නේ ඔහු දූෂණ විරෝධී පෙරමුණේ සභාපති කියලා. කව්ද මෙයාට මෙම පත්වීම දුන්නේ? එහෙම නම්, අවංක මිනිස්සුන්ට කොහොමද කියන්නේ?

:       0       11

පෙරේරා Sunday, 06 August 2023 06:08 PM

මේ පොල් කාවයියා ආයි එළියට බැහැලාද? මෙයත් එකයි අර ඩෑන් කියන කට්ටඩියත් එකයි. රටටම පිළිල...

:       0       6

Small man Sunday, 06 August 2023 07:37 PM

තාත්තට 35 යි. පුතාට 23 යි. අවුරුදුු 40 ක් වෙලත් තනිකඩ මම හෙන පවු.

:       0       3

Bunny Preena Monday, 07 August 2023 10:22 AM

බොහොම කාලයකට පස්සෙයි මුහුණ දැක්කේ .ආයෙත් මොන නාඩගමක් නටන්න හදනවද දන්නේ නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site