(මනෝප්‍රිය ගුණසේකර)
නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වු බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ සේවය කළ විකිරණ ශිල්පියකුට සහ හෙදියකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින් සේවකයින් සේවයේ යොදා ගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි කර ඇති බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය නඩු පවරා ඇත.
මීට වසර 09කට පෙර සිදුවු සිද්ධියක් පදනම් කරගනිමින් අදාළ පෞද්ගලික රෝහලට සහ එම රෝහලේ සේවකයින් වශයෙන් කටයුතු කළ දෙදෙනකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
2015 ජනවාරී 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටියේදී 2006 අංක 21 දරණ පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත යටතේ පුහුණු වෛද්‍ය සේවක පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක්පවත්වාගෙන යා යුතුය යන ලියාපදිංචි කොන්දේසිය කඩකරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවු විකිරණ ශිල්පියකු සහ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවු හෙදියක සේවයේ යොදවාගෙන ඇතැයි චෝදනා 04ක් යටතේ නඩු පවරා ඇත.
නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි විත්තිකරුවන් කර ඇතැයිද කොල්ලුපිටිය පොලිසිය පවරා ඇති චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ විකිරණ ශිල්පියකු ලෙස සේවය කළ බව කියන සරත්චන්ද්‍ර අලගහවත්ත සහ හෙදියක බව කියන නිමාලි මධුකා විජේසේකර නමැත්තන්ය.
පෞද්ගලික රෝාහලට එරෙහිව පොලිසියට පැමිණීලි කළ කොළඹ 03” ආර්”ඒ ද මැල් මාවතේ ජනක මනීෂ මීමනගේ මහතා” ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛාධිකාරීවරයා” ශ්‍රී ලංකා හෙද සභාවේ ලේඛාධිකාරීවරිය” පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම්වරයා ඇතුළු 09 දෙනෙකු පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඔයාලාගේ වැඩ.රෝහලේ මම දන්න ණයයි .ඒත් අර පොඩි මිනිස්සු දෙන්නාගේම නම් දානවා අපූරුවට .ලැජ්ජයි
කෙහෙළිය රඹුක්වැල්ල කියන චෞර ඇමතියා කරපු බාල බේත් ගෙන්වලා කරපු අපරාධය ගැන මේ වගේ නම් ගම් එක්ක විස්තර ප්‍රසිද්ධ නොකර ඉන්නෙ ඇයි?ඕනවටත් වැඩිය සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙද්දිත් නඩුව කල් යන්නෙ ඇයි??
යුක්තිය නීතිය සාධාරණය කාටත් පොදුයි කිව්වට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .ඒකනේ කොයිතරම් දූෂණ කෙරුවත්,කාල්කන්නි දූෂිත දේසපාලුවෝ නිදහසේ ඉන්නේ?
පුදුම වැඩේ කියන්නේ මෙවැනි වැරැදි කරන ආයතන වලට නමක් නැතිවිමයි.