(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් (Youth exchange program) ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයට පැමිණීම මෙම සාකච්ඡාවේදී සිදුවිය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවට නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා එක්ව සිටියේය.
ඒ වෙනුවෙන් වන ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් වගේ වෛද්‍ය විද්‍යාල කීපයක් රටේ තිබුණා නම් විදේශ ළමයින් කොයිතරම් ගෙන්වා ගන්න තිබුණාද? රටේ දරුවන් ඒවාගෙන් ඉගෙනගෙන වෙනත් රටතුළ හෝ වෙනත් රටවලටත් ගොස් රැකියා කර කොයිතරම් රටට යහපතක් වෙන්න තිබුණාද? ආත්මාර්ථකාමි, කපටි, මාන්නයෙන් ඉදිමුණු මිනිසුන් එකතුවෙලා ඒ වගේ දේවල් වහලා දාලා කළේ රටම වලපල්ලට ඇදලා දාන එක...
අපේ ගමේ දානෙකට හාමුදුරුවෝ වඩම්මවන්න වත් බැහැ. වැහිදාට පාලමක් නැතිව. ඔච්චර දිග පාලම් ගහන්න කළින් බැරිද අපේ ගමට පාලමක් හදලා දෙන්න..?
පාලම් ගහ ගහ ඉන්න වෙලාවක් නැහැ. අන්න 60ට වැඩි අයට ගෙදර යන්න චක්‍රෙල්ඛනය නිකුත් වෙලාලු. පෙන්ෂන් ගන්න සේරම රජයේ සේවකයන් කියලා දන්නවනේ නේද?
පාර්ලිමේන්තුවෙ ඉන්න හොම්බ බිම ඇනිච්ච නාකි ටික පුන්නක්කු වලටවත් මාරු කරගත්තනං ලංකාවෙ සත්තුන්ට කන්න දෙයක්වත් තියෙයි..