
(ෂේන් සෙනෙවිරත්න)
සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනවා. තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එය විනාශයට පත් කර බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක වේඩරුවේ උපාලි අනුනාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.
නේපාලයේ ඇතිවූ අතිශය කණගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත් වූවා. අප බුදුපියාණන් වහන්සේ උපන් දේශයේ මෙවැනි ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේග ජනක සිදුවීම් මාලාව කිසිසේත් සුළු කොට තැකිය නොහැකියි.
දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙළවල් කලක සිට ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ රටවල්ව තිබූ රටවල් මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා. සමාජ මාධ්‍ය භාවිතයට තරුණ පිරිස ඇබ්බැහි වී ඇති බව පවසමින් ඒවා තහනම් කිරීමට වඩා එම සමාජ මාධ්‍ය තුළින් තරුණ පිරිසට තම රට ගැන හැඟීමක් මෙන්ම එම රටේ ඉතිහාසය උරුමය කියාදීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් නේපාලය අද මෙවැනි දරුණු ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැති බව පැහැදිලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් තේරුම් ගන්න පුලුවන් මානසික සොබාවයක් අලුත් පරම්පරාවට විතරක් නොවෙයි පරණ පරම්පරාවටත් නෑ හාමුදුරුවනේ. කාගේ කාගෙත් ඔලුවල වපුරලා තියෙන්නේ වෛරය, ක්‍රෝධය පමණයි. ජවිපෙ උන්දැලා විපක්ෂයේ ඉන්න කොට කළෙත් ඒක. දැන් ආණ්ඩු කරන කොට කරන්නේත් ඒක...
ගෝටට හිට්ලර් වෙන්න කියුවේ ඔය කටින්ම නේද?
අපේ රටෙත් මී වස්සන්ට දැන් ටික ටික තේරීගෙන එන්නේ. හොඳටම තේරෙනකොට අර දිය හැලියෙ හිටිය කකුළුවට වෙච්ච දේ වෙලා තියෙයි හාමුදුරුවනේ.
දැන් ගොඩක් දෙනාට මතක නැතිවාට ජවිපෙ භීෂණ කාලේ දේපල වැනසුවේ ඔය විදියටම තමයි, මම පුංචි කාලේ බස් එකේ හුස්ම ගන්නවත් ඉඩ නැතිව තෙරපි ගියේ. එතකොට නිතොර දැකපු දෙයක් තමයි හැම තැනම ගිනි තියාපු දේපල, බස් ඩිපෝවල තිබ්බේ ගිනි තියපු බස්, කර්මාන්ත ශාලා ගිනි තියල, කෘෂිකර්ම මධ්‍යස්ථාන ට්‍රැක්ටර් ගිනි තියලා, ඒ කාලේ තිබ්බ උප දිසාපති කාර්යාල තැපැල් කාර්යාල ගිනි තියලා...
ලංකාවට ගොඩ බැහැලා ඉන්න බටහිර තානාපති නෝනලා මහත්තුරු තමයි මේ රටේ සියළුම වටිනාකම් වනසමින් ඉන්නේ. මේ ආණ්ඩුව බලේට ගෙනාවෙත් ඔවුන් ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගන්න.