(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී ලොව ප්‍රථම වතාවට මවගේ ගර්භාෂය තුළදී බිළිඳියකට මොළයේ සැත්කමක් සිදු කර ඇත.
එම බිළිඳියගේ ජිවිතයට තර්ජනයක් එල්ල විය හැකි ජානමය අබාධයකට ප්‍රතිකාර කිරීම සඳහා මෙම සැත්කම සිදු කර තිබේ.
බොස්ටන් ළමා රෝහලේ සහ මැසචුසෙට්ස් මහ රෝහලේ 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම සැත්කම සාර්ථකව සිදු කර ඈත.
මෙම තත්ත්වය යටතේ ඉපදෙන බිළිඳුන් අවුරුදු 11 දී මිය යෑමට සියයට 30 ක අවස්ථාවක් තිබෙන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
සැත්කම සිදුකර දින දෙකකට පසුව කිසිඳු අබාධයක් නොමැතිව උපත ලබා තිබේ.වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd