
(යොහාන් භාසුර)
කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් හෙට (13) පෙරවරුවේ සිට එම බලාගාරය අක්‍රීයවීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (12) පැවසීය.
එම බලාගාරය හෙට පෙරවරුව දක්වා ක්‍රියාත්මක කිරීමට ‘නැප්තා’ ඇති බව කී සභාපතිවරයා ඛනිජ තෙල් සංස්ථාව අත්පිට මුදලට පමණක් ‘නැප්තා’ දීමට සූදානම් බව ද සඳහන් කළේය.
එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘නැප්තා’ මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට මුදල් සොයාගැනීමට විදුලිබල මණ්ඩලය බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අද පස්වරුවේ හෝ මුදල් ප්‍රමාණයක් දීමට
හැකිවුවහොත් ‘නැප්තා’ ලැබෙන බවත් සභාපතිවරයාා වැඩි දුරටත් සඳහන් කළේය.
කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැප්තා රටින් ගෙන්නන්න හේතුව හිතාගන්න කාටත් පුලුවනි. අපේ පිරිපහදුවෙන් ඉතා අඩු මුදලකට නැප්තා හදල ලොකු මුදලක් ඉතුරු කරගන්න පුලුවන් නමුත් ඒකට බොර තෙල් ගෙන්නුවොත් කොමිස් බිංදුවට බහිනව නේ. ඒ හන්දා පුලුවන් තරම් වැඩි මුදලක් වැය කර පිරිපහදු ඉන්ධනම ගෙන්වමු. අපේ පිරිපහදුව පරණ යකඩ වලට විකුණල ඒකෙනුත් ගානක් ගහගමු.
කෝ මේ මහ ලොකුවට ටෝක් දෙන ට්විටර් මැසේජ් වලින් විහිලු සපයන වැඩ්ඩා... දැන් බලුවෙලා හැන්ගිලාද? ඉස්සරහට මිනිස්සුන්ට හම්බවුනොත් සම්බෝල කරල ගනිවි. අනේ මෙහෙම කාලකන්නි ඇමතියන් සෙට් එකක්. මහජනතාව කන්නම උපන් අය...