(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නාරහේන්පිට නිපුනතා පියසේ පර්යේෂණ කළමනාකාරිය හිටිහැටියේ මියගොස් ඇතැයි පිලියන්දල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නවෝද්‍යා දනන්ජිකා එදිරිසිංහ නැමැති 35 අවිවාහක තැනැත්තියයි.
මියගිය කළමනාකාරවරිය ඇයගේ සහෝදරියට අයත් පිළියන්දල පල්ලිය පාරේ දෙමහල් නිවසේ උඩු මහලේ පදිංචිව සිටින අතර සහෝදරිය අළුයම කාමරයේ දොරට තට්ටු කර ඇති අතර ඇය නින්දේ පසුවන බව සිතා ඇය රැකියාව සඳහා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි
අනතුරුව රැකියා ස්ථානයේ සිට අවස්ථා කිහිපයකදී මියගිය අයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එයට ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් රැකියා ස්ථානයේ සිට නිවෙස කරා පැමිණ අසල්වාසීන් සමඟ නිවසේ උඩු මහලේ ජනෙලයක වීදුරුවක් කඩා එහි අගුළු හැර බැලීමේදී ඇය ඇඳ අසල බිම පැත්තට වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි
ඒ වන විට ඇයගේ නහයෙන් වැගිරුණු ලේ මුහුණ පුරා විසිරී තිබී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සෝචනීය පුවතක් .බලන්න ජීවිතයේ හැටි .කොයි මොහොතේ පැන යයිද නැහැ .ඉන්න ටික කාලෙට අපි මිනිසුන් හැටියට ගහ මරාගන්නේ නැතුව සතුටින් ,සමගියෙන් ඉන්න උත්සාහ කරමු .එයාට නිවන් සුව පතමි