(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිසට හා පාදවලට සුදු ඉටි බෑග් දෙකක් බහා එහි දෙපස ගැටගසා තිබූ මළ සිරුරක් වත්තල දික් ඕවිට වෙරළේ පාවෙමින් තිබියදී වත්තල පොලිසිය සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මාළු ඇල්ලීම සඳහා මුහුදු යන ධීවරයන් අයිස් ගබඩා කර තැබීමට භාවිතා කරන බෑග් බවට එම බෑග් හඳුනාගෙන ඇතැයි මා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
ඒ අනුව මෙම ඝාතනය ධීවර කටයුතු සඳහා මුහුදු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සිදු වූ ඝාතනයක් බවට සැක කළ හැකි යැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මියගිය පුද්ගලයා වයස අවුරුදු 30 සහ 40 අතර පසුවන්නෙක් බවට සිතිය හැකි යැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd