(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ලියන්ගහවල ප්‍රදේශයේ වංගෙඩි වලේ දිය නෑමට ගිය විසි දෙක හැවිරිදි තරුණයෙකු දිය වලට ඇද වැටී අද (26) අතුරුදහන් වී ඇති බව ලියන්ගහවෙල පොලිසිය පැවසීය.
මොහු දිය වල අසල දී දිය නෑමට සූදානම් වන අතර තුර ලිස්සා ගොස් දියවලට ඇද වැටී ඇති බවද පොලිසිය පැවසීය.
මිතුරන් කණ්ඩායමක් සමඟ ඔහු බීමත්ව සිට පසුව දිය නෑමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවද පොලිසිය කියයි.
සිරුර සෙවීම සඳහා කිරින්ද නාවික වරායේ කිමිදුම් කණ්ඩායමකගේ සහාය ලබාගත් බව ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd